මම හිතුව දේම වෙලා සගෝර් . ඊයේ කෑගහපු කෑගැහිල්ලේ හැටියට එහෙම නොවුනොත් නේ පුදුම . හොස්පිට්ල් එකේ හිටිය කීපදෙනෙක්ට ම මගේ හැකර කටේ සද්දේ ඇහිලා රූම් එකෙන් එලියට එද්දි ම මොකක් හරි ප්රශ්නයක් ද කියලා ඇහුවා කියහන්කෝ . හනේ මේවා නම් පතාගෙන එන කරුම සාන්ත .
මට හිත හදාගෙන එහෙම වුනේ නෑ කියන්නවත් නැති හැටියක් . මොකද ඉතින් මෙතන ඉන්න ගෑනුන්ගෙන් බාගෙට බාගයක් දැනගෙන අපි දෙන්නා කපල් එකක් කියලා . ලෙවින් අයියට නම් කිසි ගානක් නෑ . ඌ නිකන් උට නෙවේ කියන්නේ වගේ ඔහේ ඉන්නවා .
උට නම් මොකද . කකුලේ තුවාලේ නිසා ඌ ඇදෙන් බිමට බහින්නෙත් දවසකට පැයක් විතර නේ . ඉතුරු පැය විසි තුනම මම එපැයි සමාජෙට මූණ දෙන්න .
" ලෙවින් අයියේ මේක හරියන්නේ නෑ යකෝ . අර නිශාදි ගෑනි ඉන්න එවුන්ව තවත් අවුස්සලා ද මන්දා . ඒ ගෑනු බලන් ඉන්න විදිහට මගේ බඩ බොක්කත් කැලතෙනවා . මොන හුත්තක් ද යකෝ මේ ..අඩුම තරමේ නිදහසේ හුම්ම ගන්නවත් බෑනේ මුන් බලන් ඉන්න විදිහ දැක්කම . මුන්ටත් වෙන වැඩ නැද්ද මන්දා කටවල් ඇරගෙන මම දිහා බලන් ඉන්නේ . යකෝ උන් නිකන් හැසිරෙන්නේ මේ ලෝකෙ පලවෙනි ගේ කපල් එක අපි දෙන්නා වගේ නේ . ආර්ර්ර්හ්...මට නම් දැන් මුන් ඔක්කොම මරාගෙන කන්න තරහයි "
ඉවසලා ඉවසලා බැරිම තැන මම පොඩි එකා වගේ ලෙවින් අයියට මේ දුක කිව්වම ඒකත් කට කොනේ හිනාවක් දාගෙන උට නෙවේ කියන්නේ වගේ ඉන්නවා කියහන්කෝ . හනේ තොපි ඔක්කොම මාව ම කන්න ආපු එවුන් ටිකක් යකෝ .
" එවෝන් ...බොරුවට කෑගහන්න එපා මැණික . කකුල නෙවේ මගේ කන් බෙරේ පුපුරයි තව ටිකකින් .හ්හාහ්හ..."
" අනේ මේ ලෙවින් අයියේ , උඔට නම් කිසි අවුලක් නෑනේ නේද . උඔ හොදට ඇදට වෙලා හිටහන් . මම එපැයි අරුන්ගේ එක එක වල් කතාවලට පණ පොවන්න . පණ නෙවේ දැන් මට වහ කාලක් බීලා මැරෙන්න හිතෙනවා . එක්කෝ මම අර එලියේ ඉන්න සොම්බියෙක්ට කියලා හපාගන්නවා . එතකොට උඔටත් පුලුවන් නේ මේ පිස්සු ඉස්පිරිතාලේ ඉන්න ගෑනුන්ව උයලා මට කන්න දෙන්න . එහෙනම් මේ මගුල් ප්රශ්නේ මෙතනින් ම ඉවරයි . තමුසෙත් කොච්චර කිව්වත් කිසි ගානක් නෑනේ අනේ . මම ම එපැයි මේ බලු කට්ට කන්න . "

VOUS LISEZ
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...