03• Day 1 ~ Taehyung's secret pt.1😦

1.7K 296 99
                                        

"මොකක්?? "

"ඒ මොකටද සර් මං ඔයාගේ කාමරයට එන්න ඕන?"

මං හරි මං නිවුණු හඩින් ඇහුවා. මේකයි, අපේ වගේ hotels වලට එන ගොඩක් අය මේ වගේ අයුතු යෝජනා අපි ට ඉදිරිපත් කරනවා. ඉතින් අපි දැනගන්න ඕන තැනෙ හැටියට ඇණෙ ගහන්න. අපි අපේ limit එක පැන්නා කියන්නෙ අපේ මුළු ජීවිතය ම
ඉවරයි කියන එක.
සර් මාවයි සදූවයි මෙතන වැඩ ට ගන්න එක හේතුවක් තමයි මේ. අපි ලංකාවේ අය. අපි ව කාටවත් ලේසියෙන් නම්ම ගන්න බෑ. අපි දන්නවා ගැලවෙන්න.

මං Taehyung ගෙන් එහෙම ඇහුවා ම එයා අර box smile එක දැම්මා.

" ඇයි ඔයා කිව්වේ Yeontan ට තැනක් හදලා දෙනවා කියලා!!"

"ඕහ්" මට හිතා ගන්න බැහැ මං ඇයි එහෙම වැරදි විදිහට හිතුවෙ කියලා 🥺................
.................................
....................................
..............................

පොඩ්ඩක් ඉන්න!! ඔයාලා මොනවා ද හිතුවෙ?? ආහ්!!!!!!

Dirty mind!!😂🤭😂

"හරි සර්, මං lunch එකෙන් පස්සේ ඒ වැඩේ කරලා දෙන්නම් 😊" මං එහෙම කියලා හැරුණා.

" තව දෙයක්!" Taehyung ආයෙත් කතා කලා.
"ඔව් සර්"

" අද හවසට මා ව විතරක් හම්බ වෙන්න කෙනෙක් එනවා. එයා ව කාටත් හොරෙන් මේ room එකට ගේන්න ඕන. අපේ අයවත් දැනගන්න බැහැ. තේරුනා නේද? " එයා එහෙම කියද්දි මට ලොකු අමුත්තක් දැනුනා. ඒ වුණත් VIP ලා ඔහොම තමයි. අපි ඉතින් එයාල කියන විදිහට ඉන්න ඕන.

" හරි සර්" මං ආචාර කරලා එතනින් ආවා.

ඇත්තම කිව්වොත් මට දැනුනේ මං පා වෙනවා වගේ... අඩු මං තරමෙ fan meeting එකකදි වත් අපි ට මෙච්චර එයාලට ලං වෙන්න බෑ. ඇරත් පාරවල් ගානේ පෝලිං වල !! ඒ වගේද දැං? Room එකේ දොරට ගැහුව ගමන් බඩු එතන! 😂

" මොකද බං උබ ඔය ඉගිල්ලෙන්න හදන්නේ?"

එක ටකරං කටහඩ ක් නිසා මගේ සිතුවිලි දාමය ම බිදිලා ගියා.

" මොකක් ද සදූ?" මං දුකෙන් කිව්ව.

" යකෝ! දාපම් ඔය අත් දෙක බිම!" එතකොටයි මම ත් දැක්කේ!! මං මෙච්චර වෙලා ඇත්තටම අත් දෙකෙන් තටු ගහ ගහ කුරුල්ලෙක් වගේ ඉදලා තියෙන්නේ 🤦🏻‍♀️🤦🏻‍♀️.

•It's Me, Not He•  [Completed]Where stories live. Discover now