07• Day 4~ Black Ghost 👤

1.5K 288 124
                                        

"Dia! Dia! නැගිටපං, 6.30 යි දැන්"

සදූ ඇද ළග ඉදං කතා කරද්දී, මං ඇදේ අනිත් පැත්ත ට රෝල් වෙන්න ගිහින් ඇදෙන් බිමට වැටුණා.😩

"ආව්!!"

"මොකද බං ඔය? පිස්සු ද උඹට ආ? උඹ පොඩි එකෙක් වගේ නෙ වැඩ කරන්නේ? " සදූ බිම් වැටිලා ඉන්න මට බනිනවා දැං 😒

කොණ්ද නං කැඩුනද මං දා....😖

"යකෝ! මං වැටුණා, උඹ ඔතෙන්ට වෙලා බණ දෙසන්නේ නැතිව අත දීලා නැගිට්ටවපං මාව!! ඔහොම ද ඉස්කෝලෙ අසරණයන්ට පිහිට වෙන්න කියලා දුන්නෙ ආහ් මොකක් ද උඹෙ ඉස්කෝලෙ?"

"උඹ වගේ අසරණයන්ට පිහිට වෙන්න එපා කියලා ඊයේ ඉස්කෝලෙන් මට email එකක් එවලා තිබුනා" සදූ විරිත්තුවත්, මාව නැගිට්ටෙව්වා.

"හිටපං මං නඩු දානවා 😒"

"මට?😱"

"නෑ ඉස්කෝලේ ට"

"ඒකෙ පිනා පට්ට සැරයි බං"

"සිරා?😂" මං washroom එකට ඇවිදන් යන්න හැදුවා.

ඒත්..........

මාව නිකං ඇදේට යනවා වගෙ දැනෙන්නේ. කෙලින් යන්නම බෑනේ! ඇයි මේ?🤔

"ඒ පාර මොකද උඹ ඔය කකුළුවෙක් වගේ ඇවිදින්නේ? මොකක් ද බං උඹ ට ඊයේ රෑ උනේ?" සදූ හිනා වෙනවා.

"ඒ බං! මට මොකක් උනාද කියලා මතක නෑනේ" මං කිව්වේ ළග තියෙන ඇද මිට්ටම අල්ලගෙන කල්පනා කරන ගමන්.

සදූ dressing table එක උඩ තිබුණ wig එක ගත්තා.

"උඹ මේක ගලවලා ද නිදා ගත්තේ?"

"අහ්?" මට මුකුත් ම මතකයට ආවේ නැහැ.

"දෙවියන්! මගේ ඔළුව රිදෙනවා! පිපිරෙන්න වගේ" මං එහෙම ම අද උඩ ඉද ගත්තා.

"ආහ්!! මේ තියෙන්නේ බඩු!! තෝ ඔහොම ඉන්න එකත් පුදුමයි" සදූ මේසය උඩ තිබිලා soju bottle 3ක් අරං හෙලෙව්වා.

"යකූ!! උඹ ඔක්කොම බීලා!!"

"මං .... මොකක්?😱"

මට මතක හැටියට මං බිව්වෙ එක glass එකයි නෙ😐🤔

මං කොයි වෙලාවේ ද ඉතුරු ටික බිව්වේ? අනේ මං ද ඔළුවත් විකාර වෙනවා.🤯

"හරි හරි , මං උඹව පස්සේ අල්ල ගන්නං, මං මෙච්චර උදෙන් මෙහෙට ආවේ , උඹව ඇදට කරලා තියෙන්න නෙවෙයි, නැගිටලා ලෑස්ති වෙයන් campus යන්න!! "

•It's Me, Not He•  [Completed]Where stories live. Discover now