chapter 6 ( punchi❤🌸)

1.3K 232 27
                                    

Sports week එකත් හොදට ඉවර වුනා... දැන් ඉතින් ආයෙම ඉගෙන ගන්න වැඩ... එකදිගට උගන්නනවා... teachersලත් sports week එකේ මගහැරුනු පාඩම් අල්ලන්න එක හුස්මට උගන්නනවා. කිසි නිදහසක් නෑ😒

ඔය අතරේ මට ගෙදරින් call එකක් ආවා.

" පුතේ ඉතින් කොහොමද හොදට පාඩම් ටික කරනවා නේද"

" ඔව් ඔව් අම්මේ... මං දැන් ඒ කාලෙ වගේ නෙවේ... මම දැන් දක්ෂයි😉"

" අහන්නකෝ පැටියෝ... ඔයාට ගෙදර එන්න පුලුවන්ද? පුන්චිට ටිකක් අමාරුයි. එයාට ඔයාව බලන්න ඕනෙ කියනවා😔"

" මොනවා... ඇයි මොකද... ඉන්න මං හෙටම එනවා... පුන්චිට කියන්න මම එනවා කියලා😖"

" හරි හරි ඔයා කලබල වෙන්න එපා. තාත්තා එයි හෙට ඔයාව ගන්න... ලෑස්ති වෙලා ඉන්න"

පුන්චි හරියට මගේ ජීවිතේම කොටසක් වගේ... එයාට මාව ඕනෙ වුනාම මම එයා ලග නෑ...🥺 එයයි මායි රණ්ඩු වුනත් රණ්ඩු වුනේ මගේ පූස් කොල්ලෝ ටික නිසා🐱 ඒ ඇරුනම අපි දෙන්නා සහෝදරියෝ වගේ... මගේ හොදම යාලුවා🥺🥺...

මගේ ඇස් වලින් කදුලු වැටුනේ මටත් නොදැනිමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ ඇස් වලින් කදුලු වැටුනේ මටත් නොදැනිමයි... 'පුන්චි මාව බලන්න ඕනෙ කියනවා' ඒ වචන ටික මට ගොඩක් හිතට වැදුනා. මම එයා ලඟ නෑනෙ😖

"එමා... ඇයි මොකද?... මොකද වුනේ... කවුද call කරේ"

"අම්මා😖 මගේ පුන්චිට අමාරුයිලු... එයාට මාව ඕනෙලු"

" අනේ හරි පැටියෝ... ඔයා දැන් එහෙ යනවද? "

" හෙටම යනවා..."

" හරී... පරිස්සමින් ගිහින් බලලා එන්නකෝ... අපිත් පුන්චිට ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරා කියන්න... දැන් අඩන්න එපා ඔයාගෙ වැරැද්දක් නෑනෙ"

*   *   *   *   *   *   *   *  

මම ගෙදර ගියපු ගමන්ම පුංචිගේ ඇද ලගටයි ගියේ... එයා ඇදේ වැතිරිලා හිටියා. හදුනගන්නවත් බැරි තරමට එයා කෙට්ටු වෙලා... මුලු ඇගම රැගි වැටිලා. එයා හිටියේ වේදනාවෙන්. ඒත් මම ආව ගමන් එයා සතුටින් හිනා වුනා

 ඒත් මම ආව ගමන් එයා සතුටින් හිනා වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මගේ කෙල්ල😃... මම පාලුවෙන් හිටියේ... මට දැන් සතුටුයි... දැන් ඕනෙ වෙලාවක මට යන්න පුලුවන්. ඔයාගේ කසාදෙ වෙනකන් ඉන්නයි මට ඕනෙ වුනේ... ඒත් කමක් නෑ ඔයා හොදින් ඉන්න ඕනෙ... හැමදාම...සතුටින්... එතකොටයි පුංචිට සතුටු"

" පුන්චී... මාත් එක්ක තරහද?...🥺"

" පිස්සු මෝඩි... මං මොකටද ඔයා එක්ක තරහා වෙන්නේ... ඔයා තමයි මගේ පණ😚ඔයා මං වෙනුවෙන් කරපු හැම දෙයක්ම මට මතකයි පැටියෝ... මම හැමදාම ඔයාට ආදරෙයි... හැමදාටම...ඔයාගේ ජීවිතේ හැම අවස්තාවකදීම ඔයාගෙ පුංචි ඔයා එක්ක ඉන්නවා... ඒක මතක තියා ගන්න "

"😖😫😭♥️"

*   *   *   *   *   *   *   *  

ඊට දවස් දෙකකට පස් ඒ මගේ පුංචි මාව දාලා යන්නම ගියා. ඒත් එයා අන්තිම මොහොත දක්වාම කිව්වේ මට ආදරෙයි කියලයි🥺 මගේ ජීවිතේට ලැබුනු හොදම මිතුරිය... එකම සහෝදරිය මට නැතිවුණා... ඒත් එයාගේ ආදරේ තවම මාත් එක්ක තියනවා. සදහටම ඒ ආදරේ මාත් එක්ක ජීවත් වෙනවා. ♥️

______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


______________________________________

Hii😔

මේ chapter එක මගේ හොදම යාලුවා වෙනුවෙන්...❤❤❤❤

මේ දැන් හදිස්සියේ ලිව්වේ ඒ නිසා අවුල් ඇති...

._wooheyoung._

❀4𝔢𝔳𝔢𝔯࿐ 🌸 (Completed)Where stories live. Discover now