අපි දෙන්නාගේ සම්බන්දයට අද වනකොට අවුරුදු පහයි. දිග කාලයක් ඒ වගේම ඒ කාලෙ ඇතුලත ලස්සන මතක ගොඩාක් තියෙනවා. ඒ වගේම ලස්සන පොඩි රණ්ඩුත්😅 ඒ රණ්ඩු විසදන්න රිවීත් හැම වෙලාවකම වගේ අපි එක්ක හිටියා.
අපි දෙන්නම එකම university එකට select වුනේ නැති වුනත් ඒ දුරස් බව අපිව හිතින් තවත් ලන් කරා. අපේ බැදීම තව තවත් ශක්තිමත් කරා...
* * * * * * *
මම එමා... මං උගත් පාසලේම පෞද්ගලික වෛද්‍යවරිය.
කලින් ඒ තැන හිටපු miss සුකී දැන් mrs සුකී වෙලා ඇමරිකාවට ගියා.
අපේ hostel එකේ හිටපු මේට්‍රන්... කොච්චර වයසට ගියත් තාමත් එයාම තමයි අපේ මේට්‍රන්. කොහොමටත් එයා ඒ රස්සාවට එයා තරම් ගැලපෙන කෙනෙක් තවත් නෑ. ගැඹුරින්ම හිතලා බැලුවොත් අපි දෙන්නගේ සම්බන්ධය යා කරපු පුරුක වුනෙත් අපේ මේට්රන්ම තමයි♥️
ආහ් හේජ්න්... එයත් හිටියේ මගේම university එකේ. එයාට එහෙදි එයාගේ ආදරේ ලැබුනා. එයාදැන් ඒ කාලෙ හිටපු දඩබ්බර හේජේන් නෙවෙයි. එයා දැන් අම්මා කෙනෙක්ගේ වගකීම් දරන්න පුරුදු වෙනවා👪
එතකොට අපේ ආදරණීය යාලුවා... රිවී... එයා හැමදාටම අපි දෙන්නගේ හොදම යාලුවා. ඒ වගේම එයාටත් එයා හොයපු ආදරේ හම්බ වුනා. ආදරේට වයසවත් gender එකවත් බලපාන්නෙ නැති බව ඒ දෙන්නාගේ ආදරෙන් සනාත වුනා.♥️🖤
ඔව් ඔව් මම දන්නවා දැන් හැමෝම බලන් ඉන්නේ "කෝ යෂ්" කියලානේ😂
යෂ් දැන් එයා national team එකේ player කෙනෙක්.⚽ ඒ වගේම part time ඉස්කෝලෙක football coach කෙනෙක් විදිහටත් වැඩ කරනවා.
Sick room එකේ බැල්කනියෙන් බලනකොට එයා ground එකේ ඉදන් ලමයින්ව හසුරනවා දකිද්දී මම ආයෙම අපේ අතීත සොදුරු මතක ඇතුලේ අතරමං වෙනවා. ♥️
සමාප්තයි....
_____________________________________ඒයි ඒයි ඔහොම හිටු. ඊලගට තියන එකත් කියවලාම යන තැනක
යන්ටෝ😂ඒක කියෙව්වෙ නැත්තං මං එනවා ගෙවල් වලට... හොයාගෙන😈
_.wooheyoung._