ඔන්න දැන් ඉදන් යෂ්ගේ දින පොත.... අනුන්ගේ diary කියවන එක නම් හොද වැඩක් නෙවෙයි. ඒ නරක වැඩේට අත ගහන්න කැමති අය ඉන්න. හොද බබාලා මෙතන ඉදං කියවන්න එපා🤣🤣🤣🤣
______________________________________2020.01.18
සදුදාDear diary,
අද නම් මහ එපා කරපු දවසක්. මුලු දවසම උගන්නනවා. ඒ මදිවට හේජේන් ස්ථාන මාරුවක් හදාගෙන මගෙ එහා පැත්තට ඇවිල්ලා.😬 එයා නම් මල කරදරයක්. කිරිමණ්ඩලේ ආව ගමං අලුත් ආරංචියක් කිව්වා. හෙට අනිද්දා දිහාට අලුතෙන් ලමයෙක් එනවලු පන්තියට. ඒ ලමයාගෙ desk එක මං ඉන්න තැනට පිටිපස්සෙන් දැම්මා. එහෙමයි කියලා මට මං හිටපු තැන නැති කරගන්න මට බෑනෙ. මමයි පිටිපස්සෙම ඉන්න ඕනෙ. මලවදේ😬. මමත් ඉතින් අතඇරියේ නෑ. Scl ඇරුනු ගමන්ම මම කරේ desk දෙක මාරු කරපු එක.🤘🏻
හවස practice තිබුනා. Junior team එකේ selectionසුත් මේ සතියෙම තියෙයි. හොද ලමයි ටිකක් තෝර ගන්න ඕනෙ.
අද හරි මහන්සී අප්පා. මං යනවා GN 🥱😴(එමා : * මේ තියන්නේ මං එන්න කලින් දවසක්. ඒ කියන්නේ මට ඉහ්හරහට කියවං යන්න වෙනවා🙃* )
______________________________________
2020.01.19 අඟහරුවාදා
Dear diary,
ඔන්න අදනම් ලියන්න තියෙනවා පිටු ගානක්. ඒකයි මෙච්චර කලින් එලියට පැන්නෙ. අයියෝ... මට අද ටිකක් කොයිල් වගේ. අම්මෝ එයා.... එයා මාරයි😍... මුල ඉදං ලියන්නං ඉන්න😅... කොහෙද කලබලේනේ. ඔන්න උදේ period එක පට්ට කම්මැලිකමේ ඉද්දි එක පාරට කවුදෝ දොරට තට්ටු කරා. මට නං ආවෙ මාර happyයක්. අර කච කචේගේ කටහඩ අහගෙන ඉන්න එපා වෙලා අප්පා හිටියේ. දොර අරිද්දි දැක්ක දේ🥰😍 මගෙ පපුව තාම ඩිග් ඩිග් ගානවා. ඩිග් ඩිග් නෙවේ බල්ටි ගහනවා. එයාගේ ලස්සන... මගෙ දෙයියනේ කොන්ඩේ😅... ඒ මදිවට කටහඩේ තිබ්බ අහින්සක ලාමක කම... මං පුදුම ගේමක් දීලා එයා දිහා නොබලා හිටියේ. තව වෙලා බලං හිටියනං එහෙම මං සුපිරි ගොං සීන් එකක් කරනවා clz එක මැද. වස නෝන්ඩියේ මං එයා දිහා කන්න වගේ බලං ඉද්දි එයාට note වුනානං මාව. හොද වෙලාවට ඊයෙ හවස මං desk දෙක මාරු කරා. නැත්තං මට පස්ස හැරි හැරී එයා දිහා බලන්න වෙනවනේ.😅 එයා මගෙ ඉස්සරහිං වාඩි වුනාම මට නිකං... අනේ මංදා බඩත් එක්ච දගලනවා. බඩ ඇතුලේ සමනල්ලු පියාඹනවා වගේ🦋 මම ඉතිං එයා එක්ක වචනයක්වත් කතා කරේ නෑ. ටිකක් ලොකුකම පෙන්නන්ත් එපැයි. එහෙමයි කියලා අනික් ලමයි එයා එක්ක කතා කරපුවා අහං නොහිටියෙත් නෑ. ඉන්න ඉන්න මං එයා ගැන අද දවසට හොයා ගත්ත කරුනු ටික කියන්න.
1.එයාගෙ නම එමා😍
2. එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම government jobs කරන්නේ.
3. එයාගෙ ආසම පාට නිල්💙 මමත් ආස නිල් 😅
4. එයාට ඉන්නවා පූස් පැටව් දෙන්නෙක්🐱 එකෙක් චීටා, අනිකා මොකාද කියලා මට මතක නෑ... ඔන්න මමත් පූසොන්ට ආසයි😁
5. ආහ් එයා කොන්ඩෙට ගාන්නේ Tresemme ද මොකක්ද කියලා shampoo එකක්.😅 අනේ මං නං ඕවා දන්නෑ මං ඕනෙ එකක් ගානවා.
6. එයා බල්ලන්ට බයයි🐶 අපෝ මං නං පූසන්ටත් වඩා ආස බල්ලොන්ට
7.එයා ආසම boy band එක BTS😆 මම නං එහෙම විශේෂ කැමැත්තක් නෑ. හැබැයි මම BTS සින්දු නං අහනවා. හැබැයි ඉතිං Army නෙවේ. එයා නං පිස්සුවෙන් වගේ ආසයි එයාලට😒
8. එයාගෙ bias තමා jin😅 මමත් ආස jin ටම තමා😆