2020.01.20
බදාදාDear diary,
අයියෝ එයා මට බයයිද කොහෙද. බය වෙන්න ඕනෙනෙ ඉතින් මං ඊයෙ කරපු වැඩේට. එයා අද දවසම මං දිහා බැලුවෙවත් නෑ.අඩුම room එකේදිවත්😒 එයා රිවී එක්ක නම් සෙල්ලම් කරනවා. රිවියත් මට j හිතවන්නම හොදට හිනා වෙවී සෙල්ලම් කරනවා. අදත් එයා මාව follow කරාද දන්නෑ. ඒක නෙවෙයි අනිද්දා පොඩි team එකේ selections. බට්ටෝ මට හරි බයයි අප්පා. ඒකත් හොදයි ඉතින්.පොඩි එවුන්ව බය කරගෙනම ඉන්න ඕනෙ... නැත්තං එනවා කරේ නගින්න.
එහෙනං මං ගියා... GN♥️( *එමා : මම කියවං ගිය පිටු හැම එකකම වගේ මං ගැනත් තිබුනා. ඒත් විශේෂම දේවල් ටික විතරක් දෙන්නම්*)
_____________________________________
2020.01.30
සෙනසුරාදාDear diary,
අදත් උදේ ඉදං උගන්නපු මහා ජරා දවසක්. ඊට පස්සේ football practice. අදත් අර ගොං කෝචා නෑ. Teams දෙකම පුරුදු කරන්න වුනේ මට.....*******
ආහ් මේක මට ඊයෙ රෑ මෙතන ඉද්දී ආව idea එකක්. ඇත්තටම ඒක නරකත් නෑ. මට ඕනෙ වුනේ එමා මොනවගේ කෙනෙක්ද කියලා දැනගන්න. එයාට boy කෙනෙක් ඉන්නවද?, නැත්තං එයා ගෑනු ලමයින්ටත් කැමතිද...bla bla bla ඒවා ටිකක් දැනගන්න එක හොදයිනේ. මේකට මට රිවියාත් උදව් කරා. ඒත් ඉතිං එයා කැමති වුනේම ශෑ මං මේවා දැනගන්නවට. එයාට හිතිලා තිබුනා එමාගෙ උත්තරේ මත එක්කෝ මට ලොකු සතුටක් ලැබෙයි එහෙමත් නැත්තං දරාගන්න බැරි දුකක් දැනෙයි කියලා. ඒ වගේම ඒක වුනා. ඒත් ඉතිං දරාගන්න බැරි දුකක් කියලා මගුලක් නං දැනුනේ නෑ😅 ටිකක් upset ගියා. අපි අපේ room එක ඇතුලේ picnic එකක් ගියා😆 රිවියාත් හොදට බොරු කියන්න දන්නවා. අපි ගියමාසෙත් picnic ගියාලු එයා කියනවා😂 මං හිනාව කාගෙන හිටියේ. අපි දෙන්නා සල්ලි දාලා pizza order කරලා රිවීගෙ අම්මා ගෙනල්ලා දුන්නා වගේ රංගනයක් කරා. කොහොම හරි අපි කන්න ඉදගෙන ටික වෙලාවකින් මට ඕනෙ පැත්තට කතාව හරව ගත්තා. එයාගෙන් gf කෙනෙක් ඉධ්නවද අහද්දී එයා "අපෝ නෑ මොන විකාර කතාවක්ද ඒ" වගේ දෙයක් කිව්වේ. මට හරියට මතකත් නෑ. මට නිකං පොල්ලකින් දමලා ඇරියා වගේ දැනුනේ. මං ආවා එන්න එලියට. මදෑ මං lv කරා...😒🥺 ඒත් ඉතිං එයා ගැන මට තාම තරහක් එන්නෙ නෑනෙ. මට තාම අර පරණ feelings ඒ විදිහටම තියනවාද කොහෙද....
GN අප්පා මං යනවා♥️😒