"සහන සෞභාග්‍යය" ගත වෙච්ච අවුරුදු විස්සටම සහනයක් තියා ගංවතුර ආධාරයක්වත් ලැබිච්ච නැති, සෞභාග්‍යය වචනේ තේරුම රාජ්‍ය ලාංඡනයේ පුන්කලසින් විතරක් දැකලා තියෙන මට අම්මපා ඝන පිහිටුවලා නම තිබ්බ එකාව මන් තාම හොයනවා...නැකැත් බලලා මහප්‍රාණ ඔබලා හදපු මගේ නමේ වැරැද්දක්ද,දැක්කාම අහක යන එකෙක්ගෙන් උනත් ගුටිකන්න වෙන මූණේ අවුලක්ද මන්දා මට වෙන්නෙම අකරතැබ්බ... මගෙ ජීවිතේ මට වෙච්ච අකරතැබ්බ කොහේ හරි මුල්ලක කුරුටු ගාලා තියා ගන්න හිතුවෙ මන් වගේ වැඩක් කරන්න ගියොත් නාගෙන අලකරගන්න එක ජම්මෙන් අරන් ආපු එවුන්ට තනියක් නැති බව පෙන්නන්න..