Chapter 13
namjoon p.o.v
"නම්ජුනී ඇයි ඔයා සද්ද නැත්තේ... .. "
"හහ්....?"
"නෑ වාහනේට නැග්ග වෙලේ ඉදන් ඔයා බර කල්පනාවක. මොනවද ඔච්චර කල්පනා කරන්නේ...?"
"නැහ්... මොකුත් නෑ...."
මම අහක බලා ගත්තා.
"විස්වාසද .. කිසිම ප්රශ්නයක් නෑ කියලා.... "
හොසෝක් මගේ ගැන වදවෙන කටහඩකින් ඇහුවා."එහෙම මොකුත් නෑ හොබී... මට ටිකක් මහන්සී වගේ එච්චරයි.... "
මම හොසෝක්ගේ ඇස් මග ඇරලා ජනේලෙන් එලියට ඇස් යොමු කලා.
'හ්ම්ම්ම්ම්.... එහෙනම් කමක් නෑ.....මම හිතුවා ඊයේ එලවපු එකට තාම තරහෙන් ඇති කියලා.
"හහ්...? ඒක හරි මම ඒකට නම් තාම තර"හයි තමයි."
මේ පාර පපුව හරහා අත් දෙක බැදගන්න ගමන් මට පුළුවන් උපරිම තරහා මගේ මූණෙන් පෙන්නන ගමන් මම අහක බලා ගත්තා."නම්ජුනා...!!!"
"හ්ම්ම්.....?"
"ඔයා කවද්ද එයාට කියන්නේ....?"
"හහ්...?"
"ඔයා දන්නව මම මොනව ගැනද අහන්නෙ කියලා..."
එයා කට තනි ඉරක් වගේ වෙනකන් හීනි කරගෙන පාරෙන් විනාඩියකට ඇස් අහකට අරන් මට එරෙව්වා.
"හ්ම්ම්ම්ම්...."
මම දිග හුස්මක් පහලට දැම්මා."මම දන්නෙ නෑ... එ...ඒක හරි සංකීර්ණයි.... "
ඊයේ රෑ වෙච්ච දේවල් ඒ එක්කෙම සුගා හෙයොන්ග් මට කියපු දේවල්.. මගේ ඔළුව ඇතුලේ තියෙන පැටලැවිල්ල ගැන හිතන ගමන් මම බිම බලා ගත්තා."හහ්... මොකක්ද මෝඩයො ඒකෙ තියෙන සංකීර්ණේ...?"
හොසෝක් මාව මගේ කල්පනා ලෝකෙන් එලියට ඇද්දා."දැන් අවුරුදු කීයක්ද නම්ජුනී. මම දැන් කොච්චර කල් ඉදන්ද මේක කියන්නේ... ඔයා එයා වෙනුවෙන් මැරෙන තරමට එයාට කැමතීයී.."
"මට ශුවර් එයත් ඔයා තරම් නැති වුනත් ඊට ටිකක් අඩුවෙන් හරී ඔයාට කැමතීයී. ඔන්න ඕක එයාට කියලා දාන්න මැට්ස්."
එයා එයාගේ කට හාර්ට් එකක් වගේ හදාගෙන මට විරිත්තුවා."මන්දා හෙයොන්ග්. මට තව හිතන්න ඕනේ... "
මම ජනේලෙන් එලියට ඇස් යොමු කලා.
YOU ARE READING
Destined to fall in Love
Fanfictionමම දිව්වා... මට පුළුවන් උපරිම වේගෙන් දිව්වා. කෑලි කපන්න පුළුවන් තරම් තිත්ත කලුවර මැද මම වැටි වැටී දිව්වා....දුවන අතරෙම මම පිටිපස්ස හැරිලා බැලුවේ තාමත් ඒ ඇස් මගේ පස්සෙන් එනවද කියලා තහවුරු කරගන්නයි. ඔව් කලින්ටත් වඩා ඒ ඇස් වේගවත්. රතු ඇස්... මාව තාමත්...