BFF's or BF

632 101 17
                                    

Part 12.

"නම්ජුනෝ ......."

මගෙ කාමරේ දොර දඩා...ස් ගාලා සද්දෙට ඇරගෙන් හොබී මගෙ කරට පනිද්දී මාව තල්ලුවෙලා ගිහින් එයාවත් මගේ ඇග උඩට පෙරලගෙනම ඇදට වැටුනා

"පිස්සුද අස්සයෝ.... උදේ පාන්දර මිනිස්සුන්ගෙ ගෙවල් වලට පැනලා බෙරිහන් දෙන්නෙ..."
එයාව මගේ ඇග උඩින් අහකට තල්ලු කරන ගමන් මම කෑ ගැහුවා.

"අනා... මගෙ කණ්ණාඩියා... ඌඌඌඌඋ.... "
ඒ කනේ ඉදන් මේ කනට කටත් පලල් කරන් හිනාවුන හොබී මගේ බඩ උඩ හරිබරි ගැහිලා ඉදගෙන අමුතු සද්ද දදා මගේ කම්මුල් මිරිකන්න පටන් ගත්තා.

"එපා කතා කරන්න ... ඊයේ මාව පන්නලා..මෙතන... බැහැපිය ... බැහැපිය මගේ ඇගෙන් බිමට.... මම බෝත් එක්ක තරහයි.."

මම හොබීව මගේ ඇග උඩින් අහකට තල්ලු කරන්න ට්‍රයි කලා... .

"අනා..... මගේ කණ්ණාඩියට තරහ ගිහින් ඌඌඌඋ......"
ඒ පාර මේ හරකා මාව කිචි කවන්න පටන් ගත්තා.

"යාහ්..... ඊඊඊඊඊඉ.... එපෝ එහ්..ඒඑ..එපා හරකෝ..... "

හොබී මං මැරෙනකන් මට කිචි කවන අතරේ යන්තන් කෑ ගහගන්න මට පුළුවන් වුනා..

"ඊයාආආආආඅ..... ඈ..... මේ මොනාද මේ වෙන්නේ..... ඈඈක්කාආආඅ..... ඉන්න මම ඇන්ටිට කියන්නම්..."

"ආන්ටීඊඊඊඊඉ.... මේන්නෝඕඕඕඕ....."

ඒ පාර දොර ගාව හිටපු ජංග්කුක් එතනින් අහකට දිව්වා.

"ඒ වල් හාවෝ කට කට...."

ඒ තප්පරේට මම හොබීව අහකට තල්ලු කලා. යන්තන් ඒකා මගේ ඇග උඩින් අහකට වැටෙද්දීම මගේ ඔම්මා මගේ කාමරේට ඔළුව දැම්මා.

"ආයිගෝ.... මගේ ඇස් දෙක...."
මට යන්න නොදී කකුලකුත් මගේ ඇග උඩින් දාගෙන මාව තද කරලා බදාගෙන හිටපු හොබීව දැක්ක අපේ ඔම්මා එයා අත් දෙකෙන් ඇස් දෙක වහගෙන ඉක්මනට අහකට හැරුනා.

"දෙයියනේ මම මේ මොනවද දකින්නේ...... මහන්සි වෙලා ගෙදර ආවම දකින්න ඕන දේවල්ද මේවා... කුකී බබෝ එපා ඕවා බලන්න. පව් මගේ අහින්සකයා.."
ඔම්මා එයාගෙ පිටිපස්සෙ හැංගිලා හිටපු ජංග්කුක්ව අපෙන් අහකට හැරෙව්වා.

"Hy ඇන්ටී good morning ....."
හොබී මාව තව ටිකක් තදට මිරිකන අතරෙ දත් තිස්දෙකම එලියට දාගෙන විරිත්තුවා.

Destined to fall in LoveHikayelerin yaşadığı yer. Şimdi keşfedin