The Audition.

652 123 27
                                    

6th part

Hoseok p o v 

ඔයා දන්නවද jungගේ hyung කවුද කියලා…?

මම washroom එක ඇතුලට වෙලා නිදහසේ phone එක ඔබ ඔබ ඉද්දී ඒ වෙලාවෙ ඇතුලට ආපු කෙනෙක් තව කෙනෙක්ගෙන් අහන හඩ මට ඇහුනා.

ම්හ්… නෑ… 

මගේ එහා පැත්තේ තිබුණු කෑල්ලට ගිහින් දොර වහ ගන්න ගමන් අනිකා උත්තර දුන්නා.

හ්ම්ම්ම්ම් මේ ස්කෝලේටම් ඉන්න එකම jungලා මමයි jkයි විතරයි. මේ කතා වෙන්නෙ නම් අපි ගැන වෙන්න ඕනේ….

මෙච්චර වෙලාවක් කන් දෙකේ ගහන් හිටපු Earphone එක ගලවපු මම හොදට කන් දෙක ඇරගෙන එලියෙ කතාව අහන් ඉන්න පටන් ගත්තා.

මට කතා නම් ගොඩක් අහන්න ලැබුනා ඒ දෙන්නා ගැන.. එයාලා මෙහෙ ගොඩක් ජනප්‍රියයි. මගේ එහා පැත්තෙ හිටපු පිරිමි ළමයා දිගටම උත්තර දුන්නා.

මම නම් හිතන්නෙ නෑ ඒ දෙන්නා ඔය කියන තරම් දක්ෂයි කියලා…..

එහෙම කියන්න එපා… සමහරවිට ඇත්තටම එයාලා දක්ෂ ඇති.. අපි දන්නෙ නෑ නේ එයාලව…

පිස්සු …. මම ඊයේ ටික වෙලාවක් practice room එක ගාව බලන් හිටියා. මෙයාලා අන්තිම සවුත්තුයි.

පළවෙනි කටහඩ කියද්දී මම ඇස් කැරකෙව්වා.

ඊයේ දවසම මුළු practice room එකම අළුතෙන් dancing society එකට බැදුණු පොඩි කොල්ලො ටික අරක් අරගෙන හිටපු එකට මම මොනා කරන්නද…!! මම කල්පනා කරද්දී එලියේ හිටපු දෙන්නා දිගටම එයාලගේ කතාව කරගෙන ගියා.

Jungkook නම් දක්ෂ පාටයි. 

හහ්…. නෑහ් මම නම් හිතන්නෙ නෑ.. අනික මම එයා එක්ක ඉන්න අනිත් කොල්ලට නම් පොඩ්ඩක්වත් කැමති නෑ..

කවුද …. Suhoද…?

ඔයා මෙච්චර ඉක්මනට නම් මතක තියා ගන්නෙ කොහොමද ආ….? පළවෙනි කටහඩ පුදුමයෙන් ඇහුවා.

අනිත් කෙනා උත්තර දුන්නෙ නැති තැන එයා ආයේ කතා කරන්න පටන් ගත්තා.

ඉන්නකෝ මගේ වාරෙ එනකන්…. මම පෙන්නන්නම් මෙහෙ ඉන්න අයට dancing කියන්නෙ මොකක්ද කියලා…

….

Good luck dr….. මම හිතනවා ඔයා අද හවසට හොද තරගයක් දෙයි කියලා.

Destined to fall in LoveWhere stories live. Discover now