Yanjun's Pov :" මොකක්ද මේ? " මං අහක බලාගත්ත ටිකට Zhangjing Ge මගේ අතේ තිබ්බ කොන්ඩෙ කට්ට ඇදලා ගත්තා.
" මෙයා මොකද මේ කවදාවත් නැතුව ගෑනු ළමයි ගහන කොණ්ඩෙ කටුවක් අරගෙන. "" කාටද ඔයා මේක ගත්තේ? " Xiao Gui මට විහිළු කරන්න ගත්තා.
" වෙන කාටවත් නෙමෙයි Meiqiට. " මං කටුව ඇදලා අරගෙන කිව්වා.
" ඇයි තාම Kun නැත්තේ? " Zhengting ටිකක් අවුලෙන් කිව්වා.
" මට තාම හිතාගන්න බැරි ඇයි Kunට තාම කිසිම දෙයක් මතක නැත්තේ කියලා. "
ZiYi කිව්වා." අපිටත් මතක් වෙන්න ටික කාලයක් ගියානෙ. එයාටත් ඉක්මනට මතක් වෙයි."
Zhangjing කිව්වා.මම එයාලා කියන දේවල් අහගෙන හිටියා විතරයි. ඇත්තටම අපි මෙහෙට ආවේ කොහොමද කියලාවත් අපි දන්නේ නෑ. ඒ මදිවට අපිට මාස ගානක් යනකම් අපි කවුද කියලාවත් මතකයක් තිබ්බේ නෑ.
" ඉතින් අපේ කිරුළ හිමි කුමාරයා මොනවද ඔච්චර කල්පනා කරන්නේ? "
මට ඇහුනා NongNong කියනවා." මුකුත් නෑ." මං උත්තර දුන්නා.
" මට ආරංචියි ඔයාට අග්රාමාත්ය තුමාගේ දියණිව යෝජනා කරලා කියලා. "
Justin කිව්වා. හැමෝම මං දිහා උත්තරයක් බලාපොරොත්තුවෙන් බලන් හිටියා." ඔව්. " මං කිව්වා.
" මොකෝ නිකන් අකමැත්තෙන් වගේ. "
Zhangjing Ge ඇහුවා." මට දැන් මේක එපා වෙලා තියෙන්නේ. මං කැමති කිසිම දෙයක් කරන්න මට කිසිම නිදහසක් නෑ. දැන් ඒ මදිවට මේ කසාදේ. " මං කිව්වා.
ඇත්තටම කිරුළ හිමි කුමාරයා කියන්නේ ලොකු වගකීමක් තියෙන තනතුරක්. ඒ මදිවට මට කිසිම නිදහසක් නෑ. මං කිසිම දවසක නීති වලට යට වෙලා ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒත් දැන් මගේ එක පුංචි වැරැද්දක් ඇති මේ රටේ ඉන්න නාකි උන්දැලට අල්ලන් මාස ගානක් දගලන්න. ඒක හින්දා ඇගිල්ලක් හෙල්ලුවත් මට පරිස්සම් වෙන්න වෙනවා දැන්.
" මීට කලින් කවුරු හරි අග්රාමාත්ය තුමාගේ දුවව දැකලා තියෙනවාද? "
Zhengting ඇහුවා.
හැමෝම නෑ කියන්න ඔලුව වැනුවා." එයා කැත කලු මහත කෙනෙක්ද දන්නේ නෑ. " ChengCheng කිව්වා.
" කවුරු උනත් මට කරන්න දෙයක් නෑ. "
මං කලකිරීමෙන් කිව්වා.

YOU ARE READING
Unexpected
FanfictionDescription ලියන්න තමයි මට තේරෙන්නේ නැත්තේ~~~~ ඒ නිසා මුකුත් ලියන්නේ නෑ.🤗