5th Chapter ❄️

14 3 3
                                    

Seol's Pov :

Yanjun අපි දෙන්නවත් එක්කගෙන ආවේ අනිත් Nine Percent membersla ඉන්න තැනකට.

ඇත්තටම මම හිතුවා මං එයාලව ඇස් දෙකෙන්ම දැක්කාම කදුලු පෙර පෙර කෑගහා ගහා අඩයි කියලා. ඒත් මොන ඇඩිලිද? ඒකට දැන් මායි Miaයි එක තැන ගල් ගැහිලා වගේ හිටගෙන ඉන්නවා විතරයි.

" මෙයාලා ගැන තමයි මං ඔයාලට කිව්වේ. " Justin එකපාරටම අපේ පැත්තට අත දික් කරලා කිව්වා.

" මං හිතුවේ අපිට වඩා වෙනස් කිව්වාම අපේ මේ ඇදුම් වලට එයාලා ගොඩක් කැතට ඇති කියලා. ඒත් අවුලක් නෑ. එච්චර කැත නෑ. "
ChengChengගෙ කටින් ඒ වචන ටික පිට වෙනවා විතරයි මට ඇහුනෙ.

" මොකක්ද ඒ කිව්වේ? " මං කේන්තියෙන් ඇහුවා.

" මං කිව්වේ වැඩිය කැත නෑ කියලා. " ChengCheng ආයේ කිව්වා. ඇත්තමයි මේ FCCව KFC එකේ කුකුල් කකුලක් කරන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි.
KFC මතක් උන නිසාද මන්දා මට එකපාරටම බඩගින්නකුත් ආවා.

" ChengCheng කට වහා ගන්න. " Zhengting එහෙම කියලා මං දිහා බලලා හිනා උනා.

" මේ කට පරිස්සම් කරන් කතා කරන්න."
Yanjun කිව්වා. " මෙහෙම හිටියට මෙයා තමයි ඔයාලගේ අනාගත කිරුළ හිමි කුමරිය. "

මට Yanjun ඒක කියපු විදිහ පොඩ්ඩක්වත් ඇල්ලුවේ නෑ. අනිත් අය මං දිහා පුදුම වෙලා බැලුවා.

" මෙයාද? එතකොට මෙයාද.... " Justin මොනවද කියන්න හදද්දී Yanjun එයාගේ කට වැහුවා.

" දන්නවද අපේ අනාගත කිරුළ හිමි කුමරිය එයාගේ අනාගත සැමියට කියපු දේවල්. "
ඒකෙන් මට තේරුණා Yanjun ඉස්සෙල්ලා මං එයාව විහිළුවට ගත්ත එකට දැන් මාව විහිළුවට ගන්නවා කියලා.

" ඔයා දැන් මාව විහිළුවට ගන්නවද? "
මං කේන්තියෙන් ඇහුවා.

" අනේ නෑ. මං කොහොමද එහෙම කරන්නෙ. ඔයා අපේ කිරුළ හිමි කුමරිය නෙමෙයිද? " Yanjun හිනා වෙන ගමන් කිව්වා.

" මේ ඒක බොරු නෙමෙයි. ඔයා Seolට විහිළු කරන් එන්න එපා. "
Mia , Yanjunට කිව්වා.

" හරි මං දැන් කිව්වද ඔය දෙන්නා බොරු කරනවා කියලා? " Yanjun , Miqගෙන් ඇහුවා.

" ඒක නෙමෙයි. අපේ කුමරිය කිව්වා... කිරුළ හිමි කුමාරයා... " මං ඉක්මනට පැනලා Yanjunගෙ කට වැහුවා.

UnexpectedWhere stories live. Discover now