8th Chapter ❄️

19 3 1
                                    

Seol's Pov :

NongNong මට ඇත්ත කිවිවා Yanjun තමයි ඇත්තටම කුමාරයා කියලා. එයාට පුළුවන් නම් මාව රවට්ටන්න ඇයි මට බැරි කියලා හිතලා මං NongNong එක්ක හොද plan එකක් ගැහුවා.

දැන් නම් Yanjun මාව ඇදන් යන විදියට එයාට හොදටම කේන්ති ගිහින් කියලා මට තේරුණා. ඒ කියන්නේ මගේ plan එක හොදට වැඩ කරනවා.

" ආව් මගේ අත රිදෙනවා. " මං බොරුවට කිව්වා.

එයා නැවතිලා මගේ දිහා හැරිලා බැලුවා.
" රිදෙන්න තමයි අල්ලන්න ඕනෙ. " එයා කිව්වා.

Yanjunට ඊරිසියා හිතිලද? ඇත්තටම? මට විශ්වාස කරන්නත් බෑ.

" මං NongNongට කියනවා , ඔයා මට රිද්දනවා කියලා." මං බොරුවට පුම්බගෙන කිව්වා.

" ඉතින් කියන්න. මං බය වෙයි. " එයත් පුම්බගෙන කිව්වා.

" අමතක උනාද මං කවුද කියලා? අනාගත කිරුළ හිමි කුමරියට ඔයා සලකන්නේ මේ විදියට කියලා දැනගත්තොත්... " මං කියනකොට Yanjun මාව ඇදලා එයා ලගට ගත්තා.

" ඇයි මොනවා කරන්නද? " එයා මගේ මූනට එබිලා ඇහුවා.

මට ඒකට උත්තර දෙන්න සිහියක් තිබ්බේ නෑ. සිහියක් තියෙන්නේ කොහොමද මං Yanjunට මේ තරම් ලං වෙලා ඉද්දී.

මං එයාගේ ඇස් දෙක දිහා බලාගෙනම හිටියා. ආ... මට ඇත්තටම එයාව kiss කරන්න ඕනේ. ඒත් මං කොහොමද එහෙම කරන්නෙ. එයා මං ගැන වැරදියට හිතයි. " Yanjun , please මාව kiss කරන්න. ඊට පස්සේ මං මැරුණත් මට කමක් නෑ. " මං එයා දිහා බලන් හිතුවා.

Yanjun ටික ටික මගේ මූනට එබෙන්න ගත්තා. මං හිතුවේ මාව මේ kiss කරන්න තමයි මෙයා මේ ලං වෙන්නේ කියලා. ඒත්... එකපාරටම එයා මාව පිටිපස්සට තල්ලු කරා. මං නොවැටී බේරුණේ හරි අමාරුවෙන්.

" මොකක්ද ඒ කරේ? " මං කේන්තියෙන් ඇහුවා.

" තල්ලු කරා. ඇයි මොකෝ? " එයා ඇහුවා.

මොනවා නැති උනත් මාව කේන්ති ගස්සන්න නම් මෙයා ගොඩක් දක්ෂයි. මං එයාට ඔරවගෙන ගස්සලා හැරිලා ආවා.

🌁

Hiru's Pov :

මම හිතුවා වගේම Seolට වෙච්ච දේවල් කිව්වාම එයා අපි දෙන්නගේ ඇගට කඩාගෙන පැන්නා. එදා ඉදන් එයා අපි දෙන්නට තනියෙන් එලියට යන්න දුන්නේ නෑ.

UnexpectedTempat cerita menjadi hidup. Temukan sekarang