Chapter 01

2.3K 161 53
                                    

Third Person POV

ඒ ශීත ඍතුවේ එක් දිනකි. වස්සානයේදී අනේක විධ වර්ණයෙන් වර්ණ ගැන්වී තිබුණු වෘක්ෂ ලතාවන්ගේ පැහැය ශීත ඍතුව විසින් ගිල දමා තිබුණේ හිත්පිත් නැති විලෝපිකයෙක් මෙනි..

ඔහු සඳලුතලයට වී එම දර්ශනය දෙස නෙත් යොමා සිටියේ ඔහුට එම දර්ශනයෙන් යම් තරමකින් ඔහුගේ ජීවිත කතාව පිළිඹිබු වූ බැවින්.. කලකට ඉහතදී නොයෙකුත් වර්ණයන්ගෙන් වර්ණ ගැන්වී ආලෝකමත් වී තිබූ ඔහුගේ ජීවිතය අද වෘක්ෂ ලතාවන්ට ශීත ඍතුවේ දී අත් වූ ඉරණමම අත් කරගනිමින් කිසිඳු පැහැයකින් තොරව ශ්වේත වර්ණයෙන්ම පමණක්ම පිරී ඇත්තේ ඔහු සතුව පැවති එකම සොම්නසද ඒ වර්ණ සමඟම ඔහුගේ ජීවිතයෙන් ඈත් කරමිනි..

ඇය නොමැතිව ගෙවෙන සිව්වෙනි වසර.. ඇය ඔහුගේ ජීවිතයම විය.. කිසිම දිනකදී මව් සෙනෙහසක පහස විඳ නොතිබුණු ඔහුට ඇය මවක් විය.. එමෙන්ම ඇය ඔහුගේ හොඳම යෙහෙළියයි.. ඔහුගේ ප්‍රේමයද ඇයම විය..  ඇය ඔහුව මෙළොව තනිකර ගිය දිනයේ පටන් ඔහුට ඇය ගැන සිහි නොවූ දිනයක් නොමැති තරම්.. ඇය පිළිඹඳව මතකයන් ඔහුගේ සිත පත්ලෙම තැම්පත්ව පැවතියේ කිසි දිනකත් ඒවා ඔහුගේ මතකයෙන් නික්ම නොයන පරිදියි..

ඇය ගැන පැවසුවහොත් ඇය නමින් මින් සූ වොන් නම් විය.. ඔහුට පළමු වරට ඇයව හමුවූයේ ඔහු දහ අට හැවිරිදි වියේ පසුවූ කල්හිය.. ඒ අද මෙන්ම ශීත ඍතුවේ එක් දවසකි.. පෙනෙන තෙක් මානයේ පැවති සියලුම ගස්කොළන් හිමින් වැසී පැවතුනේය.. ශීත ඍතුව වුවද පෙරදිග අහසේ අරුණෝදය හේතුවෙන් මහා වෘක්ෂ අතරින් ලා හිරු කිරණ පොළෝ තලය සිප ගත්තේ අවට පතිත වී තිබූ හිම කැට පළිඟු කැට මෙන් දිදුලවමිනි..

ඔහු රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුවන් වීය.. එදින ඔහුගේ රාජකාරිය වූයේ රට වැසියන්ගේ සුවදුක් විමසීමට නගර සංචාරයක නිරත වීමයි.. අකමැත්තෙන් වුවද පිය රජතුමාගේ පෙරැත්ත නිසාම එම සංචාරයේ නිරත වීමට ඔහු එකඟ විය.. අනෙකෙකු මෙන් නොව ඔහු නිහඬතාවය බෙහෙවින් ප්‍රිය කළ පුද්ගලෙකි.. ඔහුගේ මුළු ජීවිතයම ගත වූයේ පොත් පත් අතරයි.. ඔහු කීයවීම තුළින් ජීවිතය විඳීමට පුරුදු වී සිටියේ සැබෑ ලෝකයේදී සොම්නස ඔහුට උරුම දෙයක් නොවූ බැවිනි..

💜️💫💗Ɩɛɬ ɱɛ Ɩơ۷ɛ ąɠąıŋ💗💫💜️ [NamJin/TaeKook/YoonMin]Where stories live. Discover now