" හ්යොන්ග් ඔබ? "
පුදුමයට පත් කටහඬක් සවනට ගැටුණු බැවින් ජින් ඒ දෙසට නෙත් යොමු කළ සිටියේ ඒ කවුරුන්දැයි සැකහැර හැර දැන ගැනීමේ අරමුණිනි.
" හෝසොකා? "
ජින් විමාසා සිටියේ කලකින් නොදුටු මිතුරා හමුවීමේ සතුටත් සමඟයි.
" ඔව් හ්යොන්ග්, ඔබ කවදද මෙහි පැමිණියේ? "
හෝසොක් පවසා සිටියේ උද්යෝගයෙන්.
" ආහ්, මා මෙහි පැමිණියේ හදිසියේමයි. පියාණන්ගේ ඉල්ලීමට."
" එසේද? ජන්ග්කුකාත් ඔබ සමඟ පැමිණියේද?"
" ඔව්, ඔහුත් මෙහි පැමිණියා."
හෝසොක් හට ජින් මුණගැසුණේ චීන දේශයේදියි. රාජකාරි කටයුත්තකට චීන දේශයට ගිය චාරිකාවකදී ඔවුන් දෙදෙනා මුණ ගැසිනි. වීදි අතර සංචාරය කරමින් සිට අතරමං වූ හෝසොක්ට මග පෙන්වා දීමට කඩවීදි අතර සැරිසමින් සිටි ජින් සහ ජන්ග්කුක් ඉදිරිපත් වීම ඔවුන්ගේ මිතුදමට මුල පිරීය. ඒ මීට අවුරුදු තුනකට ඉහතදීයි. ඔවුන් ඔහුට උපකාර කළ අවස්ථාවෙන් පසු ඔවුන් කිහිප වතාවක් නැවතත් මුණ ගැසිනි. ඔවුන් අතර දැඩි මිත්‍රත්වයක් පැවතිනි. නමුත් එකිනෙකා ගැන හරි හැටි පැවසීමට ඔවුන් නොදත්හ. එකිනෙකාගේ තනතුරු හෝ පවුලේ විස්තර පිළිඹඳව ඔවුන්ගේ අවධානය යොමු නොවුනි.
" ඉතින් ඔබ කුමක්ද මෙහි කරන්නේ? "
ජින් විමසා සිටියා.
" ආහ් මා මෙහි පැමිණියේ ත්‍යාගයක් තෝරාගැනීමට.. මගේ මිතුරෙකු සමඟ. ඔහු එහා සාප්පුවේ."
" ත්‍යාගයක්, රෙයු ජින්ට වෙන්න ඇති.."
ජින් පැවසුවේ මුහුණේ ඇඳි සිනහව තව තවත් වැඩි වෙද්දි. හෝසොක් සහ රෙයු ජින් ගැන ඔහුත් දැන සිටියේ හෝසොක්ගේ ශබ්ද කෝෂයේ වැඩි ඉඩක් අත්කරගෙන සිටියේ ඇය බැවිනි.
" ඔව් හ්යොන්ග්, ඇයගේ ජන්ම දිනය."
" ඕහ් හෝ, එසේද? මා සුභ පැතුවා යැයි පවසන්න ඇයට. "
මුහුණේ ලැජ්ජාශීලී සිනහවක් ඇදී තිබුණු හෝසොක්ට ජින් පවසා සිටියා.
YOU ARE READING
💜️💫💗Ɩɛɬ ɱɛ Ɩơ۷ɛ ąɠąıŋ💗💫💜️ [NamJin/TaeKook/YoonMin]
Historical Fictionබලය පමණක්ම වැදගත් වූ රාජ්‍යයක කිසි දිනෙක ආදරයකට උරුමකන් නොකී කුමරුවෙකු.. ඔහුගේ ජීවිතියට ආදරය යන වචනයේ තේරුම කියාදුන් යුවතියද ඔහුව දමා ගිය පසු ඔහුගේ ජීවිතයට නැවතත් එවැනි ආදරයක් උරුම වේද? Most importantly.. This is a ship story. So if u not interest...