මට දැනෙන ආකාරයට කෙනෙක්ගේ ජීවිතයක් ගතවෙන්නේ වසරක් තුළ ඍතු ගතවන අයුරින්. කෙනෙක්ගේ ජීවිතේ වස්සාන වගේම ශීත ඍතුත් තියෙන්න පුළුවන්. කෙනෙක්ට ජීවිත කාලය තුළදි මිහිරි සුන්දර අත්දැකීම් වගේම අමිහිරි කටුක අත්දැකීම් වලටත් මුහුණ දෙන්න වෙනවා. ඒ සමහර අත්දැකීම් කෙනෙක්ව ඇතුළතින් බිඳවට්ටන්න සමත් වෙනවා වගේම තවත් කෙනෙක් ඇතුළතින් ශක්තිමත් කරන්නත් සමත්වෙනවා. ඉතින් නම්ජූන් කුමරුගෙත් සුන්දර සුකුමාල තරුණයා සොක් ජින්ගෙත් ජීවිත කතාව තුළ මේ වගේ උස් පහත් වීම් ගොඩක් තිබුණා.
ඔවුන් දෙදෙනාගේ කතාව තුළ මෙතෙක් දිග නොහැරුණු පැතිකඩකට නෙත් යොමුකරන්නයි මේ සූදානම..
°•°🍃🌺🍃°•°
කිම් සෝ ජුන් රජු, එසේත් නොමැති නම් නම්ජූන් කුමරුගේ මුත්තනුවන් වියපත් වනවාත් සමඟම සිය සිහසුන අත් හැර එය ඔහුගේ වැඩිමහල් පුතුට පවරා දෙනු ලැබුවේ ඔහුට සිය ජීවිතයේ අවසාන භාගය විවේක සුවයෙන් ගත කළ යුතු බව පවසමිනි. සෝ ජුන් රජු හුදෙක් බල තන්හාවෙන් පමණක්ම පෙළුණු පාලකයෙක් නොවුණි. ඔහු සිය රටවැසියන්ගේ උවමනා එපාකම් හොඳින් වටහාගෙන ඔවුන් වෙනුවෙන් සේවය කළ අයෙක් විය. එබැවින් ඔහු රටවැසියන්ගේ ඉමහත් පැසසුමට ලක් වූ පාලකයෙක් විය.
ඔහු ඔහුගේ ජීවිතයේ සැඳෑ සමය ගත කිරීම උදෙසා මාළිගයෙන් ඈත පෙදෙසක පිහිටි ගම් පෙදෙසක රජුට අයිතිව පැවති කුඩා මාළිගයක් වෙත යාමට තීරණය කොට තිබිණි.
සෝ ජුන් රජු සිය පුතුන්ට මෙන්ම මුණුපුරන්ටද දැඩි සෙනෙහසක් දැක්වූ අයෙකි. එ නිසාම ඔහු මාළිගයෙන් පිටවී යාම කුඩා කුමාරවරුන්ගේ දැඩි කණස්සල්ලට හේතු විය. සිය මුත්තනුවන් නොමැති අඩුව වැඩියෙන්ම බලපෑවේ වැඩිමල් කුමරු වූ නම්ජූන් හටයි. ඔහු සිය මුත්තනුවන් හට දැඩි ලැදියාවක් දැක්වූ අයෙකි.
නම්ජූන් කුමරු පිළිඹඳව පැවසුවහොත්, ඔහු ඉතාමත් කාරුණික උගත් කුඩා කුමරෙක් විය. ඔහුට උගන්වන සියලුදේම ඉක්මනින්ම ඉගෙන ගත හැකි විශ්මිත හැකියාවක් තිබූ අයෙකි. නම්ජූන් කුමරුට කුඩා කළ සිටම ඔහු ළඟිනම සිටි අයෙක් විය. රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු ලෙස කුඩා කළ සිටම ඔහුගේ කරමත විශාල වගකීමක් පැටවී තිබිණි. ඔහුට ඒ සියල්ල තනිව දරා ගැනීමට සිදුවූයේ ඔහුව සනසාලීමට ඔහුගේ මෑණියන් පවා ඔහු සමඟ නොසිටි බැවිනි. ඔහුගේ සිත සනසාලීමට සිටි එකම පුද්ගලයා වූයේ ඒ ඔහු ළඟින්ම සිටි තැනැත්තායි.
YOU ARE READING
💜️💫💗Ɩɛɬ ɱɛ Ɩơ۷ɛ ąɠąıŋ💗💫💜️ [NamJin/TaeKook/YoonMin]
Historical Fictionබලය පමණක්ම වැදගත් වූ රාජ්‍යයක කිසි දිනෙක ආදරයකට උරුමකන් නොකී කුමරුවෙකු.. ඔහුගේ ජීවිතියට ආදරය යන වචනයේ තේරුම කියාදුන් යුවතියද ඔහුව දමා ගිය පසු ඔහුගේ ජීවිතයට නැවතත් එවැනි ආදරයක් උරුම වේද? Most importantly.. This is a ship story. So if u not interest...