Chapter 12

728 149 114
                                    

" මට ඔබට පැවසීමට වැදගත් යමක් තිබෙනවා."

ජින්ගේ වදන් හමුවේ ජින් දෙස බැලීම ප්‍රතික්ෂේප කොට පොළොව දෙසට නෙත් යොමු කළ සිටි නම්ජූන් ජින් දෙසට හැරුණේ ඔහුට සවන් දීමට මෙනි.

" නම්ජූන් ඔබට මේ දේ පැවසීම සුදුසුද නුසුදුසුද කියා මා දන්නේ නෑ.." ජින් කතාව ඇරඹුවත් ඔහු කතා කළේ මදක් පැකිලෙමිනි.

" ඔබට අවශ්‍ය ඕනම දෙයක් මට පවසන්න පුළුවන්." නම්ජූන් ජින් හට පවසා සිටියේ ජින් පැවසීමට සැරසෙන්නේ කුමක් වුවත් එය වැදගත් කරුණක් කියා ජින්ගේ කටහඬින්ම ඔහුට වැටහුණු බැවිනි.

" ජුනී, ඔබට මාව අමතකද?" දිගු සුසුම්ක් පිටකළ ජින් හිතට ධෛර්යය ගෙන නම්ජූන්ගෙන් අසා සිටියේ හීනි කටහඬින්.

කළකින් නොඇසුනු ආකාරයෙන් කෙනෙක් තමන්ව ඇමතීම නිසා නම්ජූන් එකවරම පුදුමයට පත්විය. ඔහු පුදුමයෙන් ලොකු කරගත් දෑස් වලින් ජින් දෙසට හැරුණා.

" ජු..ජුනී?" ඔහු අසා සිටියේ වෙව්ලන කටහඬිනි. ඔහුගේ පෙර පෙම්වතියවත් ඔහුට ඒ නමින් අමතා සිටියේ නෑ. ඔහුව එලෙස ඇමතූ අයෙක් ගැන ඔහුට මතකයක් තිබුණත් එය ඔහුගේ මනසේ තැන්පත් වී තිබුණේ මීදුම් පටලයකින් ආවරණය වූ කළෙක මෙනි. ඔහුට කිසිවක් එකවර සිහියට නගා ගැනීමට අපහසු විය.

ජින් ඔහු දෙස විමසිලිමත් දෑසින් බලා සිටියේ ඔහුගේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි. නමුත් ඔහුගේ පැනයට නම්ජූන්ගෙන් පිළිතුරක් නොලැබුණි. ඔහු ඉවසිලිවන්තව තව දුරටත් නෙත් බිමට යොමා සිටි නම්ජූන් දෙස බලා සිටියා.

මිනිත්තු කිහිපයකට කුටිය තුළ ඇතිවූ නිශ්ශබ්දතාවය බිඳ හෙලමිනි කුටියේ පිටතින් හුරුපුරුදු කටහඬක් ඇසුනේ කුටියේ සිටි තරුණයින් දෙදෙනාම කල්පනාවෙන් මුදවා ගනිමිනි.

" කුමරුනි! මා ඇතුළුවන්නද?" පිටත සිට කතා කළේ හෝසොක් ය. හෝසොක්ගේ කටහඬ ඇසුනු විගසම නම්ජූන් ඔහුට පිළිතුරු සැපයූවා.

" හෝසොක් පැමිණෙන්න."

කුටියේ දොරටුව විවෘත කරගෙන කුටියට ඇතුළ් වූයේ ආරක්ෂක නිළ ඇඳුමින් සැරසී සිටි හෝසොක්ය. ඔහු නම්ජූන්ට සහ ජින්ට ආචාර කොට කුටියේ අසුන්ගත්තා.

💜️💫💗Ɩɛɬ ɱɛ Ɩơ۷ɛ ąɠąıŋ💗💫💜️ [NamJin/TaeKook/YoonMin]Where stories live. Discover now