Chapter 14

601 129 86
                                    

ජීමිගේ යටිතොළ යූන්ගිගේ දෙතොල අතර සිරවී ඇති බව ඔහුට දැනිනි. ඒ සමඟම ජීමින්ගේ තොල් සිහින් ලෙස සැපීමටද යූන්ගි අමතක නොකළා. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ආකාරයෙන් යූන්ගි ජීමින්ගේ දෙතොල් උපරිමෙන් රස බැලුවේ අවට සිදුවන කිසිඳු දෙයක් පිළිබඳව කිසිදු සැළකිල්ලක් නොදක්වායි. යූන්ගිගේ දෑත් ජීමින්ගේ සිහින් ඉණ වටා එතෙද්දී ජීමින් ඔහුගේ දෑත් යූන්ගිගේ ගෙල වටා පටලවා ගත්තේ දෙදෙනා අතර සිහින් පරතරක් පැවතුනානම් එයද වසා දමමිනි.

මිනිත්තු කිහිපයක්ම හාදුවේ අතරමං වී සිටි යුවල එකිනෙකාගෙන් මෑත් වූයේ දෙදෙනාටම උණුසුම් හාදුව නිසා හුස්ම ගැනීමට ඇතිවූ අපහසුතාවයත් සමඟයි.

වේගයෙන් හුස්ම ඉහළට පහළට ගත් ජීමින් ඔහුගේ නළල යූන්ගිගේ නළලට ස්පර්ශ කරගත්තා. ඔහුගේ මුහුණේ පුදුමයක් මෙන්ම සතුටට පත් ලකුණුද පෙනිනි.

" හ්..හ්යොන්ග් ඒ-"

" ෂ්.. "

ජීමින් කතා කරන්න උත්සාහ කළත් යූන්ගි ජීමින්ගේ දෙතොළ මත ඇඟිල්ලක් රඳවා ඔහුව නිහඬ කළා. ඔහු ජීමිගේ ගෙලෙහි මුහුණ සඟවා ගත්තේ ජීමින්ගේ ඉණ වටා තිබුණු ග්‍රහනය දැඩි කරගනිමිනි. ඔහු ජීමින්ගේ ගෙල මත කුඩා හාදු තබමින් මද වේලාවක් ගත කළා. ජීමින්ගේ මුවින් සිහින් කෙඳිරිලි පිටවීමට උත්සාහ කළත් ඔහු තොල දැඩිව සපාගනිමින් එයා වළක්වා ගත්තා.

" හ්..හ්යොන්ග්.."

" ජිමිනා.. අපි මේ ගැන හවසට කතා කරමු. හවසට මා එනතුරු ප්‍රධාන දොරටුව අසළ සිටින්න."

යූන්ගි ජීමින්ගෙන් මෑත් වෙමින් මෘදු කටහඬින් ඔහුට පවසා සිටියා. ජීමින් හිස වනමින් යූන්ගිට් එකඟ වූයේ එකඳු වදනක්වත් පිට නොකරයි.

°•°🍃🌺🍃°•°

හෝසොක් සහ නම්ජූන් අතර සිදුවූ කවට රණ්ඩුවෙන් පසුව නම්ජූන් ජින් සහ හෝසොක් සේවකයින් විසින් කුමරුගේ කුටියට රැගෙන ආ උදෑසන ආහාරය බුක්ති විදීමට සූදානම් විය. නම්ජූන්ගේ දැඩි ඉල්ලීම නිසාම හෝසොකුත් ඔවුන් සමඟ ආහාර ගැනීමට එකඟ විය.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💜️💫💗Ɩɛɬ ɱɛ Ɩơ۷ɛ ąɠąıŋ💗💫💜️ [NamJin/TaeKook/YoonMin]Where stories live. Discover now