2.නොසිතූ හමුවීම...👋

1.8K 288 43
                                    

ජියෝන් ජන්ග්කුක් ???

"ඔව් කියන්න යොන්ජුනා ???..."

"මන් උදේ එද්දි කැම්පස් එක ඉස්සරහ නවත්තලා තිබුන කාර් එකක හිටපු කෙනෙක් මේක ඔයාට දෙන්න කියලා කිව්වා."

"Mwo?? කෝ දෙන්න බලන්න..."

"Park coffee shop
@ 4.30 pm
Table no 13"

කොලේ පුරාම චෙක් කරත් ඒක එවපු කෙනාගෙ නමක් හොයාගන්න මට බැරි උනා..

"යොන්ජුන් මේක ගෙනත් දීපු කෙනා ගෙ නම කිව්වෙ නැද්ද ?"

"නෑ ජන්ග්කුකා ඕක විතරයි දුන්නෙ"

"එතකොට මූන ? ඔයා එයාගෙ මූන දැක්කද?"

"ම්ම්ම්ම් ...නෑ එයා මූන සම්පූර්නෙන්ම වගෙ වහන් හිටියෙ..සන්ග්ලාස් දාන්..."

"ආහ් හා තැම්කියු යොන්ජුනා"

කොලේ අතේ තියාගෙනම මන් කල්පනා කරේ මේක මට එව්වෙ කවුද කියලයි. මොකද සෝල් වල කැම්පස් එකේ යාලුවො ඇරෙන්න මන් අදුරන කවුරුත් හිටියෙ නෑ. ..සෝල් නෙමෙයි මුලු ලෝකෙන්ම මන් දැනන් හිටිය 20 දෙනෙක්ටත් වඩා අඩු පිරිසක්.
කාත් කවුරුවත් නැතුව තනියම හැදිලා වැඩුන මට පොඩි කාලෙ ඉදන්ම මව්පිය සෙනෙහස අහිමි උනේ එයාලා මාව අනාත නිවාසෙක තනිකරලා යද්දි. එදා ඉදන් සමාජෙන් ඈත් වෙලා හිටියෙ තේරුම් ගන්න බැරි තනිකමකින්. කැම්පස් එකේදි උනත් මන් ආශ්‍රය කරේ ගෑනු ලමයෙක් විතරයි.
ටේගි....ඒත් එයත් පහු ගිය මාස ටිකේම කැම්පස් ආවෙ නැත්තෙ මාව තව තවත් තනිකරලා.
එහෙම එකේ මාව අද හම්බෙන්න එන්න කිව්වෙ කවුද?

අනිවාර්යයෙන් ම ඒ එයා වෙන්න ඕන. ඔව් ඒ ටේගි තමා..
.
.
.
.
.
ලෙක්ච ඉවර වෙලා මන් හනි හනිකට දුවන් ගියේ කොෆි ශෝප් එකට...ඒ ටේහි ව බලාගන්න තීන උවමනාවට...

Revenge 🎭 [completed]Where stories live. Discover now