Jeon jungkook pov
ශ්වර් එක යටට වෙලා කල්ප්නා කර කර ඉදපු මගේ අවදානෙ බිදුනෙ දොරට ගහන සද්දෙට...
"ජන්ග්කුක් ...ජන්ග්කුක්.... "
ආයිශ් ටේහ්‍යොන්ග් සර් නේද... කල්පනා කර කර කර ඉදපු නිසා වෙලාව යනවා වත් දැනුන් නෑ.. අදනම් බැනුම් අහන්න වෙයි වගේ...
"ජන්ග්කුක් .... මේ දොර අරිනවා.. තමුසෙ හොදින්ද..."
ඉක්ම්නට ටවල් එක ඇදගත්ත මන් දොර ඇරලා බාගෙට ඔලුව දැම්මෙ බයෙන්...
"හ්ම්ම්.. තාම නානවද.. විනාඩි 45 විතර ගිහින් ..ඉක්ම්නට එනවා ඇදුමක් දාන් පහලට..."
"හරි සර්....."
.
.
.
.
.
.
ටේහ්‍යොන්ග් සර් දීපු ඇදුමත් ඇදන් මන් පහලට ගිහින් ටේබල් එකෙන් වාඩි වුනේ බිම බලාගෙන.. පත්තරේට මූන ඔබන් හිටපු ටේහ්‍යොන්ග් සර් මන් එනවා දැකලා පත්තරේ පැත්තකින් තියලා මන් දිහාට ඇස් යොමුකරා..."කන්න...
මෙතන තීන ඔක්කොම චුට්ටක් වත් නාස්ති නොකර ඔක්කොම කන්න ඕන...
තේරුනාද???""ඔව් සර්... "
ඇහෙන නොඇහෙන ගානට බිම බලන්ම කියපු මන් හෙමීට කන්න පටන්ගත්තා...
.
.
.
බුදුඅම්මෝ මගේ බඩ 😫
ජීවිතේ පලවෙනි පාරට මෙච්චර කෑවමද කොහෙද... ඉස්මුරුත්තාවටත් ඇවිත්....මන් ඔක්කොම කෑවා කියලා තහවුරු කරගත්ත ටේහ්‍යොන්ග් සර් නැගිට්ටෙ කාමරේට යන්නද කොහේ.. ඒ එක්කම මාත් ටක්ගාලා නැගිටලා එයා ඉස්සරහට ගිහින් හිටගෙන කතා කරා...
"තැන්කියු සර්...කරපු උදව් වලට... මන් දැන් එහෙනම් යන්නම්..."
"යන්න?? කොහේ යන්නද????"
එයා ඇහුවෙ ඇහිබැමක් උස්සන ගමන්...
"මං...මෙ... කොලේජ් යන්න කියලා...."
"අසනීප තියන් කොලේජ් යන්න පුලුවන්ද.. අද නිවාඩුවක් දාන්න..
දැනට මෙහේ ඉන්න.. හවසට මාත් එක්කම ඔෆිස් යන්න පුලුවන්..."
CZYTASZ
Revenge 🎭 [completed]
FanfictionThirstful Revenge..... Incredible Love..... What would you prefer to choose ?? I never loved him No.... I mean I cant love him...👋 (KTH) I think I love him.. Um going to choose him & only him....🙈 (JKK) #Taekook #Top...