මේ හැමදෙයක්ම තත්පරයක් ඇතුලතුල වෙනස් වුනේ හිතාගන්නවත් බැරි විදියට....
.
.
.
.
Kim Taehyung povගෙදරට ආපු මන් හැමතැනම ෆෝන් එක බැලුවෙ කෝල් එකක් ගන්න...
ාඅයිශ් කොහේ දාලද..
ලෑන්ඩ් ලයින් එකෙන් මිස් කෝල් එකක් ගැහුවෙ ෆෝන් එක හොයාගන්න හිතන්..
රින්ස් දෙතුන්පාරක් ගියත් සද්දයක් ඇහුනේ නෑ... ඒ එක්කම ෆෝන් එක කවුරුහරි කෙනෙක් ආන්ස්වර් කරා.
"හෙලෝ??? හෙලෝ????"
"සර්.........."
ජන්ග්කුක් ??? ඒ කියන්නෙ මන් ෆෝන් එක ඔෆිස් එකේ දාලා ඇවිත්ද ?? ඒත් දැන් වෙලාව පාන්දර 1 නෙ.. ඒ කියන්නෙ ජන්ග්කුක් තාම මගේ ඔෆිස් එකේද? එච්චර රෑ වෙලා එයා මොනවද එහේ කරන්නෙ...
"හෙලො ජන්ග්කුක් .... තමුන් මොකද තාම ඔෆිස් එකේ කරන්නේ??"
"සර්...මං......"
"හෙලෝ...හෙලෝ..... ජන්ග්කුක් මොකක් හරි ප්‍රශ්නයක් ද?? ඇයි කෙදිරි ගාන්නෙ...මොකද අමාරුවෙන් වගේ කතා කරන්නෙ....???"
උත්තරයක් බලාපොරොත්තුවෙන් හිටපු මට අනිත් පැත්තෙන් එක පාරටම ඇහුනේ කවුරු හරි බඩු ටිකක් පෙරලන් බිමට වැටෙන සද්දෙ...
"ජන්ග්කුක් ....ජන්ග්කුක්.... හෙලෝ...හෙලෝ....."
ලෑන්ඩ් ෆෝන් එක පැත්තකින් දාපු මන් එහෙන්ම මට පුලුවන් උපරිම වේගෙන් කා එක ඩ්‍රයිව් කරන් ගියේ ඔෆිස් එකට.
සිකියුරිටි ගේට් එක අරිනකන් වත් නොඉද එතනම කා එක නවත්තපු මන් දිව්වෙ ජන්ග්කුක් හොයන්..සිකියුරිටිත් මන් පස්සෙ දුවන් ආවෙ මන් ඉන්නෙ ප්‍රශ්නෙක කියලා දැනුන නිසා ....
"ජන්ග්කුක් ....."
මන් දුවන් ගිහින් බිම වැටිලා හිටපු ජන්ග්කුක් ව මගේ උකුලට ගත්තෙ කලබලෙන්...
"ගෝයූ... යන්න ඉක්ම්නට වතුර ටිකක් ගේන්න... ඉක්ම්නට..."
ESTÁS LEYENDO
Revenge 🎭 [completed]
FanficThirstful Revenge..... Incredible Love..... What would you prefer to choose ?? I never loved him No.... I mean I cant love him...👋 (KTH) I think I love him.. Um going to choose him & only him....🙈 (JKK) #Taekook #Top...