Jeon jungkook pov
Taehyung සර් එන්න එන්න දරුනු උනේ මට හිතාගන්නවත් බැරි විදියට. කොටින්ම කියනවනම් පලවෙනි දවසෙ මාව කැෆේ එකේදි හම්බුන දවස වගේම මන් එයා ගැන ටීවි එකෙ දැකලා තීනවටත් වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් එයා ඔෆිස් එකේදි රගපාමින් හිටියා.
රෑ 10 ට මගේ ඕෆ් ටයිම් එක උනත් මෙර් වැඩකරපු මාස එකහාමරෙම මට ගෙදර යන්න උනේ රෑ 12 පහු වෙලා. මගෙ අතින් වෙන පොඩි වැරදීම් විතරක් නෙමෙයි වැරැද්දක් නොතිබුනත් මොනා හරි දෙයක් අල්ලන් බැනලා රෑ 12-1 වෙනකන් ඔෆිස් එකේ මාව තියන් වැඩකරවගන්න එයා දක්ශ උනා.කැම්පස් ඉවර උන ගමන් ඔෆිස් එකට පුලුවන් තරම් වේගෙන් දුවන් එන්නෙ විනාඩියක් හරි පරක්කු උනොත් එදා දවසෙම වැඩි වැඩියෙන් දඩුවම් විදින්න වෙයි කියන බයටමයි. කොහොම උනත් විවේකයක් නැතිවම වැඩකරලා මට දැන් පුරුදුයි. දවල් 12 බ්රේක් එකට කෑම කන මට වැඩ නිසා ආයෙ රෑට කන්න වෙන්නෙ රෑ 1 පහු වෙලා. ඒත් ගොඩක් දවසට තීන මහන්සිය නිසාම මුකුත් හදා නොගෙන බඩගින්නෙම ඇදට වැටෙන්නෙ හිටන් ඉන්නවත් ශක්තියක් නැති නිසා...
ඔෆිස් එකේ සමහර වෙලාවට වැඩ නොතිබුනත් මට ඉන්න උනේ ටේහ්‍යොන්ග් සර් ගෙ රූම් එකේමයි. රූම් එකෙන් පිට ඇවිදින එක මට තහනම් වුනා. තහනම් උනාට වඩා මාව පිටතට යන්න නොදී ඔෆිස් රූම් එකේම තියාගන්න එයා දක්ශ උනා. ඔෆිස් එකෙන් සේවකයෙක්ට කියලා මට ආශ්‍රය කරන්න පුලුවන් උනේ සිකියුරිටි විතරයි. ඒකත් වැඩට එනගමන් කතාකරන ටිකයි යනගමන් කතාකරන ටිකයි විතරයි..
සිකියුරිටි නම් කිව්වෙ ටේහ්‍යොන්ග් සර් ඉස්සර මේ තරම් මුරන්ඩු කෙනෙක් නෙමේ කියලයි. ලගකදි පවුලෙ ප්‍රශ්නයක් නිසා සෑහෙන්න වැටිලා ඉදලා ඊට පස්සෙ මුරන්ඩු උන බවක් තමා හැමෝම අතර කටකතාව ගිහින් තියෙන්නෙ.කලින් ටේහ්‍යොන්ග් සර් එක්ක පොඩි හිතේ අමනාපයක් තිබ්බත් ඒ කතාව අහපු වෙලාවෙ ඒ අමනාපෙ හිතින් අයින් වෙලා ගියේ අනුකම්පාවටද එහෙමත් නැත්නම් ටිකෙන් ටික මගේ හිතේ සර් වෙනුවෙන් ඉපදෙමින් තීන ආදරේට ද කියන ප්‍රශ්නයට මන් තාමත් උත්තර හොයනවා... කොච්චර බැනුම් ඇහුවත් මගේ ඇස් ඒ ඇස් එක්ක පැටලෙද්දි මට මුලු ලෝකෙම අමතක වෙලා යන්නෙ මොන හේතුවකටද....
YOU ARE READING
Revenge 🎭 [completed]
FanfictionThirstful Revenge..... Incredible Love..... What would you prefer to choose ?? I never loved him No.... I mean I cant love him...👋 (KTH) I think I love him.. Um going to choose him & only him....🙈 (JKK) #Taekook #Top...