8. ඇත්ත...💔

1.3K 284 55
                                    

Jeon jungkook pov

"ඔයාගෙ පවුලෙ ඔයා විතරද ඉන්නෙ හ්‍යෝන්ග්"??

වෙලාසන වැඩ ඉවර උන දවසක ගෙදර යන අතරමග අපි මේ රෙස්ටුරන්ට් එකට ආවෙ රෑට කෑම කන්න...
සර් කියන කෑල්ල ඔෆිස් එකෙන් එහා මට පාවිච්චි කරන්න තහනම් වුන නිසා මන් එයාට කතාකරේ හ්‍යෝන්ග් කියලා...

බලන් ඉද්දි ඒ මූනෙ තිබුන හිනාව ටික ටික ඈත් වෙලා මූන දුකින් බර වෙන විදියත් ඊලග්ට ඒ මූනෙ තරහක් ඇති වෙන විදියත් මං දැක්කා..

"මට තව නංගි කෙනෙක් ඉන්නවා ජන්ග්කුක් ...
ගොඩක් ලස්සන, ගොඩක් අහින්සක , හැමෝම ආදරේ කරන ජාතියෙ නන්ගි කෙනෙක්...
එයා තමයි මගෙ මුලු ජීවිතේම ... මගේ පන මගේ ලෝකෙ හැම දේම ... "

"එහෙමද... එයා හ්‍යෝන්ග් එක්ක නෙමෙයිද ඉන්නෙ...මන් එයාව දැකලා නෑ නෙ..."

"එයා දැන් ඉන්නෙ මානසික රෝහලක "🙂

"සොරි හ්‍යෝන්ග් මන් දැනන් හිටියෙ නෑ.... "

ඒ කදුලු පිරුන ඇස් දකිද්දි ඒ ගැන් එයාගෙන් අහන්න උන එකට මන් දසදහස් වාරයක් දුක් උනා.

"ඉට්ස් ඕකෙ ජන්ග්කුක් ... ඔයා කොහොම දැනගන්නද නේද...
ඕනම දේක වටිනාකමක් තියෙන්නෙ ටික කාලයයි නේ..
මගේ නංගිටත් උනේ දේමයි...."
.
.
.
.
.
.
.
.
.
.
ඇත්තටම කිම් ටේහ්‍යොන්ග් කියන්නෙ කවුද ?
මොකක් නිසාද එයා සැරින් සැරෙ මෙහෙම වෙනස් වෙන්නෙ...
එයා මට දෙන ආදරේ තනිකරම පිස්සුවක්....
‍ඒ ඒ පිස්සුව යටින් එයා මාව මගඅරින්නත් ට්‍රයි කරනවා කියලා ඇයි මට හිතෙන්නෙ....

වෙලාවකට ආදරෙන් ඉන්න එයා අනිත් වෙලාවට ට්‍රයි කරන්නෙ මාව මග අරින්න...

Revenge 🎭 [completed]Where stories live. Discover now