හායි එක සැරේටම ආපු අයිඩියාවකට දැම්මේ .... ඉන්ට්‍රෝ නෑ 😁
Chapter 01.
අයියෝ චේ වොනා..... තමුසේ මොන ඉලව්වකද අයිසෙ මේ පටලැවුනේ....
ගොං චේ වොනා.... තමුසෙටත් එදාම ඒ වැඩේ කරන්න හිතුනනේ....මම හිතුවෙ පාරෙ තිබුනු ගලකට පයින් ගහන ගමන්. ගහපු වේගෙට ගල නැවතුණේ නවත්තලා තිබුන කාර් එකක සයිඩ් කන්ණාඩියක වැදිලා.
අයිශ් චේ වොනා .... තමුසේ ඉපදිලා තියෙන්නේ බාල්දි නැකතක.... දැන් ඉතින් හනා දුල් සෙත් කියල දුවපං....
කාර් එකේ අයිතිකාරයා එද්දි මම මීටර් සීය දුවලා හති ඇරියා. මට මේ විදියට පණ කඩාගෙන දුවලා අවුරුදු විස්සක පලපුරුද්දක් තියෙනවා , ඕ යෑස්
යාාාහ් චේ වොනා , තමුන් ඔලිම්පික් වලට දුවන්න ප්‍රැක්ටිස් කරනවද.... ඔය තරම් හති දාන්නෙ ...
මං ඉද්ද ගැහුව වගේ කෙලින් වුනේ ජියාගෙ කටහඬට. ජියා , මගේ එකම හතුරි , පාපී සහෝදරී..... මේකි මහ මල ඇණයක්. නිකං නෙවෙයි පරාල ඇණයක්.
මං ඔලිම්පික් වලට දිවුවත් , මොකට දිවුවත් තමුසෙට මොකද....
අනික තමුසේ කොහෙද ගියේ ....මං ඇහුවා විතරයි ජියා රතු වුනා. අෑහ් මොකක්හරි හොරයක් තියෙනවා වගේ.
මං පුස්තකාලෙට ගියා....
ජියා මටත් ගස්සලා ඉස්සර වුනා. යකූ මේකි...
බැලුවොත් ඇත්නම් පුස්තකාලෙ රිංගගත්තු ගමන්මයි. ලස්සන කොල්ලෙක්වත් සෙට් වෙලාද... නැත්නම් අලුත් පුසතකාලාධිපති කෙනෙක්වත් ඇවිල්ලද.... මතක විදියට අපේ පුස්තකාලාධිපති හද්ද නාකියෙක්නෙ
මෙකි ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන...
අයිශ් මෝඩියේ.... දැන් තමුන්ට ඒක විතරමද හොයන්න තියෙන්නේ ...
අර බකුස්සා තමුන්ට මොනවා කරයිද දන්නේ නෑ ....ඒක මතක් වුන ගමන් හුලං ගිය බැලුමක් වගේ මං ගෙදරට ගියේ.
මොකද වුනේ ....
මං ගෙට ගොඩ වෙනකොටම අම්මා ඇඟට ගොඩ වුනා.
මුකුත් නෑ අනේ....
මට පේන්නේ කවුරුහරි බූට් එකක් තියලා.
මං ජියාට විරිත්තලා හයියෙන් දොර වැහුවා.
YOU ARE READING
Blackmail ||ᴶᴶᴷ|| 𝐬𝐥𝐨𝐰 𝐮𝐩𝐝𝐚𝐭𝐞𝐬
Fanfictionපාසලේ ඉන්න දගකාරම , මෝඩම කෙල්ලගේ රහසක් කොල්ලෙක් දැනගත්තොත් ...... ඒකත් පාසලේ ඉන්න ජනප්‍රියම , දක්ෂම කොල්ලා නම්..... මොකක් වෙයිද....... Started : 28 \ 02 \ 2021 Ongoing Written by YoOnA Fanfiction Not relevent to idols' real lives.