" කෝ මෙතන තියෙන්නේ සයන්ස් නෝට් ටික විතරයිනේ.... "
" ඉතින් ..... ??? "
" අනිත් නෝට් කෝ .....?"
" මට කිව්වයැ අනිත් ඒව ඕන කියල .... "
මං එහෙම කිව්වම මේ තඩියා මං ගාවටම මූණ ළං කරා.
" ඒ කියන්නේ ඒ කියන්නේ දැන් මම කියන දේවල් විතරමද කරන්නේ දැනගත්තු එක හොඳයිනේ........"
ජන්ග්කුක් මගේ කනට ලං වෙලා කිව්වම මම සීතල වුනා, නෑ නෑ ඒ කිව්ව දේවල් වලට නෙමෙයි එයා ඒක කිව්ව කටහඬට , ඒ කටහඬට ඇඟම හිරි වැටුනා.
" හොඳයි මං කියන දේ විතරයිනේ කරන්නෙ , ඔයා මට අනිත් notes ටික ලියල ඕනෙ..... "
ඇහ් මං ගාවත් ඒවා නැතිකොට කොහොමද මෙයාට ලියල දෙන්නෙ ඊටත් හෙට වෙද්දි ....
මේ යකාට පිස්සුද කොහෙද...."මනෝ ගැහුවට කමක් නෑ මට හෙට වෙද්දි ඒ ටික ඕන තේරුණාද ...?"
මගේ නළලට ඇඟිල්ලකින් තට්ටුවකුත් දාලා ජන්ග්කුක් මං එතැනම ඉදිද්දී යන්න ගියා.
අයිශ් .... මේ තඩියා නං.... මට කියලා මාසයක් මූ නෝට් ලියෝ ගන්නද හදන්නේ ඇයි යකෝ වෙන කරගන්න දෙයක්
තිබ්බෙම නැද්ද මාව බ්ලැක්මේල් කරලා....Author : චේ වොනා තමුසේ මොනවද ඕයි ඔය කියන්නේ ?
චේ වොන් : මොනවද මං කිව්වේ ...
තමුන් තමා කැත විදියට හිතලා තියෙන්නේ ....කැත හිතක් තියෙන ඕතර් ...Author : 😶🤐
Back to story 🐰
වර්තමානයට .....
මං වොෂ් රූම් එකේ ඉඳලා එළියට ඇවිත් ෆෝන් එක චෙක් කලා. මගේ වෙලාව හොඳයි , යුමි වැඩ ටික එවල තිබුණ. ඉක්මනට චේන්ජ් කරගෙන මම නෝට්ස් ටික ලියන්න පටන් ගත්තේ කෑමත් නොකා. කෑමත් නොකා නෝට් ලියන්න... කවදා කාපු කටු ද මෙව්ව ... මේ හැමදේම අර ඕස්ට්‍රේලියාන් කැස්වටුවා නිසා. අම්මප මට එකාගේ කිරිකිත්තගේ කිරිකිත්තාවත් මතක් උනා.....
කොහොම හරි පැය හතරක් කාල දාලා මට ඒ ගොබ්බ නෝට් ටික ලියා ගන්න පුළුවන් වුණා , ඒක හරි කියමුකෝ මං ඒ ටික ලියල එළියට එද්දි අම්මගේ ජියාගෙයි මුහුණු දෙක දැක්කම මට ආපහු කාමරේට දුවන්න හිතුණා.
YOU ARE READING
Blackmail ||ᴶᴶᴷ|| 𝐬𝐥𝐨𝐰 𝐮𝐩𝐝𝐚𝐭𝐞𝐬
Fanfictionපාසලේ ඉන්න දගකාරම , මෝඩම කෙල්ලගේ රහසක් කොල්ලෙක් දැනගත්තොත් ...... ඒකත් පාසලේ ඉන්න ජනප්රියම , දක්ෂම කොල්ලා නම්..... මොකක් වෙයිද....... Started : 28 \ 02 \ 2021 Ongoing Written by YoOnA Fanfiction Not relevent to idols' real lives.