Chapter 2

617 132 35
                                    

දොරට හේත්තු වෙලා මගේ ෆෝන් එක අතින් අතට මාරු කර කර නෝන්ඩි හිනාවක් දාගෙන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි , ජොන් ජන්ග්කුක්.

ජොන් ජන්ග්කුක් ....

කන්ග් චේ වොන්.... ඉතිහාසය පේපර් එකට කලින්ම උත්තර ලියන්න ඇවිත් වගේ.....

අයිශ් ........ මේකා නං.... හෝව් හෝව් චුට්ටක් ඉන්න , එතකොට මෙයත් පේපරේ බලන්න හොරෙන් ඇවිල්ලද.... ඒත් ඇයි...

තමුනුත් ආවේ පේපරේ බලන්නද....

මම එහෙම ඇහුවෙ අපරාදෙ කියල හිතුනා ඒ මූණෙ තිබුනු සරදම් හිනාව මැකිලා ගියාම.

මොකක්ද කිව්වෙ ඉබ්බියේ .... පේපර් හොරෙන් බලන්න ... අයිසේ මම ජොන් ජන්ග්කුක් .... මේ ස්කූල් එකේ ගෝල්ඩන් ස්ටුඩන්ට්.... Multitalented ජොන් ජන්ග්කුක් .... මොන එහෙකටද මම තමුසේ වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ ....

යකෝ මූ බලහල්ලකො ... ඉස්කෝලේ තාප්පෙන් පැනලා , මින්ජිගෙ පේපරේ හොයා ගන්නකම් දරපු මහන්සිය දෙකයි පනහට දැම්මේ .... සැක් අර හා දත් දෙක බඩට යන්න දෙන්න හිතුනා.

යාාාආාාාාහ් මොකක්ද ඔය කරන්නේ ....

මට හිටපු තැනත් අමතක වුනා මේ මෝඩ හාවා මං මෙච්චර අමාරුවෙන් ගත්ත ෆොටෝ ටික ඩිලීට් කරනවා දැක්කම.

මෝඩ තඩියෝ... තමුසේ මොකක්ද ඒ කලේ....

මගේ පැය ගානක මහන්සිය වතුරෙ ගියපු තරහට මං මහ හයියෙන් විලාප තිබ්බා.

ගොං උලමියේ.... කෑ නොගහ ඉන්නවා....

ජන්ග්කුක් ඉක්මනට දොර වහලා දැම්මා.

කවුද ඔය ..... කවුද ඔතන....

ඒ චෙන්... මගේ කෑ ගැහිල්ල එයාට ඇහිලා වගේ. මම හැංගෙන්න තැනක් හොයද්දි ජන්ග්කුක් මාවත් ඇදගෙන බිත්තියකට මුවා වුනා.
චෙන් බර අඩි තිය තියා මින්ජිගෙ ඔෆිස් එක ගාවට ආවා. මට ගත්ත හුස්ම පහලට දාන්නත් අමතක වුනා. මං එහෙමම බැලුවෙ ජන්ග්කුක් දිහා.එයා විමසිල්ලෙන් බලාගෙන හිටියේ චෙන් දිහා. මෙච්චර වෙලාවක් චෙන්ට අහුවෙයි කියල බයෙන් හිටිය මම ජන්ග්කුක් ලඟ අතරමං වුනා.එයා හිටියේ මගේ ඉණෙන් අත දාලා මාව එයාගෙ පපුවට තද කරගෙන වගේ.
මම කවදාවත්ම පිරිමි කෙනෙකුට මෙච්චර ලං වෙලා නැහැ. ඊටත් මෙච්චර හැන්ඩ්සම් කොල්ලෙක්ට. මට එයාගෙ යටි තොලට පහලින් තිබුනු උපන් ලපය පවා ගොඩක් ළඟින් පෙනුනා. ඇත්තටම ජන්ග්කුක් ස්කූල් එකේ ජනප්‍රිය වුනේ එයා multitalented නිසාම විතරක් නෙවෙයි , එයාගෙ පෙනුමත් ඒකට හුඟක් බලපෑවා.
හරියටම කියනවා නම් ජන්ග්කුක් ගොඩක් හැන්ඩ්සම් , ඒ වගේම හොට්. ඒ හැමදේටම උඩින් ජන්ග්කුක්ට තිබුනා හරිම හුරතල් බනී හිනාවක්. අපේ ස්කූල් එකේ අනිත් කෙල්ලො වගේ මම ආස වුනේ හැන්ඩ්සම් , හොට් ජන්ග්කුක්ට නෙවෙයි , හුරතල් බනී ජන්ග්කුක්ට.

Blackmail ||ᴶᴶᴷ|| 𝐬𝐥𝐨𝐰 𝐮𝐩𝐝𝐚𝐭𝐞𝐬Where stories live. Discover now