𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 05

539 88 30
                                    

Chapter 5

🎭________________________ 𝓨𝓸𝓸𝓷𝓪
.
.
.
.
.
.

~ 𝙘𝙝𝙖𝙚 𝙬𝙤𝙣 ~

" යනවා එහාට ....... "

මං පුලුවන් තරම් හයියෙන් කෑ ගහගෙන නැඟිට්ටා.

" ඈහ් ..... කෝ මේ කැළෑ හාවා ??? කෝ ඇත්තටම ..... මං එතකොට දැක්කේ හීනයක්ද ඒ දැක්කේ ???? ආආආහ් ...... "

මං මගේම කොණ්ඩෙන් ඇදගත්තේ කේන්තියෙන්. වෙලාවට කවුරුවත් ඇහැරලා නැත්තේ , නැත්නම් ඒකටත් අහගන්න වෙනවා කන පිරෙන්න.

කවදා ඉඳන්ද මගේ හීන මේ තරම් වල් වැදුනේ ? හොල්මනක් පස්සේ එලවලා , කෑම පිරුණු මාලිඟා වල අතරමං වුණු චේවොන්ගේ හීන වලට කොහොමද අර ගල් හිපාටුවා පහත් වුණේ ? මොකක් වුනත් ඒකගෙ තොල් හෙන සොෆ්ට් , ඒ හිනාවට හිත හිරිවැටෙනවා ... අනික ඒ කිස් එකත් නරකම නෑන්.....

යාහ් චේවොනා මොනාද තමුසේ ඔය හිතන්නෙ බූරූ පැටියෝ .... තමුසෙට හොඳටම මොලේ අමාරුව , ඉක්මනටම ඔලුව පෙන්නගන්න වෙයි වගේ. මේ ඔක්කොම අර ගල් හිපාටු , ඔලමොට්ටල කැස්බෑ කැළෑ හාවා නිසා. මොන එහෙකටද මගේ හීන වලට ආවද මෝඩයෝ .... ඇහැරන් ඉන්නකොට ඉන්න දෙන්නෙත් නෑ දැන් හීන වලටත් ඇවිත්.
මෝඩ ඔලමොට්ටලයා , තමුසෙටත් නින්ද යන්නෙපා , හොල්මනක් බෙල්ල මිරිකනවා දැකලා ඇහැරියන් , ගස් ගෙම්බා ...

ඇස් ඉස්සරහම මැවෙන විකාර බහුභූතේ ඔලුවෙන් අයින් කරගන්න හිතාගෙන ඔලුව දෙපැත්තට ගැසුවා , වැඩි හොඳට මූණත් සෝදගත්තා. හැබැයි ඒකෙන් වුනේ මගේ නින්ද හොරු අරගෙන ගියපු එක. ගස් කෑදැත්තා .... අහුවෙද්දෙන්කෝ හෙට අර හා දත් දෙක බඩට යන්න දෙනවා පාරක්.

🎭_______________________ 𝓑𝓵𝓪𝓬𝓴𝓶𝓪𝓲𝓵

ඊට පස්සෙන්දා උදේම මම ජිම් එක පැත්තට ගියේ ඒ බකුසු හිකනලාව හොයාගෙන.

ඔය ඉන්නෙ බැබලි බැබලි යකඩ කකා. මේකට හාවෙක් නෙවෙයි ඌරෙක් කියන්නයි තියෙන්නෙ , සයිස් එක බලන්නකෝ.

"ආහ් මෙන්න ......."

මම ගිහින් නෝට්ස් ට්ක එයාගෙ මූණ ඉස්සරහට දික් කලා.

"මොනවද මේ .........? "

ජන්ග්කුක් කිසිම ගාණක් නැතුව අහද්දි නම් අඟහරු වලට විසිවෙලා යන්න පයින් පාරක් දෙන්න හිතුනා, ඊයෙ අච්චර මගේ ඔලුව කන්න හදලා දැන් අහනවා මේ මොනවද කියලා.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 12, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Blackmail ||ᴶᴶᴷ|| 𝐬𝐥𝐨𝐰 𝐮𝐩𝐝𝐚𝐭𝐞𝐬Where stories live. Discover now