"මහීමා... ඔයා හොඳින් නේද?"
"ආ...ම්ම්ම්..ඔව්... හොඳින්."
"ඒත් ඔයාගෙ කන් හොඳටම රතු වෙලා මූණත් ඒහෙමයි. ඇස් දෙකත් පියාගෙන නේ හිටියෙ? ඔලුව රිදෙනවද?"
අනේ දෙවියනේ මම වගේ මෝඩියෙක්.... සනීෂාට මොකුත් තේරුනාවද්ද දන්නෙ නැහැ.. දැන් ඉතින් මොනවම හරි කියලා මෙතනින් පැන ගන්න වෙනවා.
"නැහැ. මේක ඇතුළෙ පොඩ්ඩක් රස්නෙයි වගේ. ඒ නිසා වෙන්න ඇති. මම වොෂ්රූම් ඒකට ගිහින් ඒන්නම්. මෙන්න නම් ලිස්ට් ඒක..."
එහෙම කියලා මම ඒතනනින් නැගිටලා ගියේ මගේ මෝඩකම් වලටම බැන බැන.
"මම ආපහු ඒනකොට සනීෂා එකේ බිත්තියට හේත්තු වෙලා මගේ බෑග් එකත් අතින් අරගෙන ඉන්නවා."
"ඇයි.. ඇයි ඔයා ඒක වැහුවෙ?"
"ඔයාමනේ කිව්වෙ ඒක ඇතුලෙ රස්නෙයි කියලා. තව ටික වෙලාවක් හිටියා නම් ඔයා කලන්තෙ දායි? "සනීෂා හිනා වෙවී මට බෑග් ඒක දෙන ගමන් කිව්වා.
මොකක් කලන්තෙ දායි? ඇත්තමයි මීට පස්සෙ හැමදාම මන්මුලා වැල් 10-15 ක් බෑග් එකේ දාගෙන එන්න ඕනෙ මේ වගේ වෙලාවට කන්න. දැන් එතකොට මෙයා යන්න ලෑස්ති වෙන්නෙ කතා කර ගන්න තියන දේවල් ඉවර වෙලාද දන්නෙ නෑ...
මැඩම්ට හෙට ඕනෙ කිව්වෙ නම් ලිස්ට් එකයි අපි ප්ලේ කරන්න ඉන්න සොන්ග්ස් ටිකයි. සෝන්ග්ස් ටික ගැන කතා කරන්න අනිත් අයත් ඉන්න ඕනෙනේ. ඒ් හින්දා අපි දැන් යමු. මම හිතපු දේ ඇහිලා වගේ සනීෂා දුන්න උත්තරේට මම ඔලුව වැනුවා. අපි දෙන්නා කිසිම කතාවක් නැතුව ගේට් ඒක දිහාවට ඇවිදන් ගියා.
YOU ARE READING
TOO LONG TO THE DAWN [GL] ✔️
Romance**අරුණෝදය නොදුටු හදවතක කතාව** මහීමා කියන්නෙ ටිකක් දඟකාර, තමන්ට හිතුන දේ කරන ගෑනු ළමයෙක්. එයාගෙ හිතේ පොඩි කාලේ ඉදන් කෙනෙක් ගැන ලොකු කැමැත්තක් තියනවා. දවසක මහීමාට එයාගෙ හිතේ ඉන්න කෙනාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන් වෙයිද? නැත්තම් ඒ කැමැත්ත හැමදාටම මහීමාග...