අද බයෝ මැඩම් ඉස්කෝලෙ ඇවිත් හිටියෙ නැති හින්දා උදේ පීරියඩි දෙකම ෆ්‍රී. මම මගේ ස්කෙච් බුක් එක අරගෙන ඊයේ රෑ ඩිසයින් කරන්න ගත්ත ගවුමෙ එකේ ඉතුරු ටික අඳින්න පටන් ගත්තා. මැඩම් පන්තියෙ හිටියෙ නෑ කියලා වෙනසක් නෑ, අපේ පන්තියෙ උගත් බුද්ධිමත් ශිෂයාවන් නම් පොත් පෙරලගෙන හොඳටම වැඩ. පේන විදියට මම ඇරෙන්න මුළු පන්තියම හෙට අනිද්දම මෙඩිකල් කොලේජ් යයි වගේ....
ඇති යන්තම් ඉන්ටර්වල් එකට තව විනාඩි 5 යි. අන්තිමට මේ වදකාර පන්තියෙන් එළියට පැන ගන්න පුළුවන්... අපිව 12 පන්ති වලට වෙන් කරපු උත්තමයාට පින්සිද්ධ වෙන්න අවුරුදු ගාණක් එකට හිටපු මගේ හොඳම යාළුවො හතර දෙනයි මායි වෙන වෙන පන්ති වල. ඉන්ටර්වල් එකෙදී තමයි ඉතින් අපි කට්ටියට ආයෙ හම්බවෙලා ඕපදූපයක් වත් කියවන්න වෙන්නෙ.එයාලවයි සනීෂවයි හම්බෙන හින්දා තමයි මම තාමත් කම්මැලි කමක් නැතුව ඉස්කෝලෙ එන්නෙ.
බෙල් එක ගහපු ගමන්ම මම ලන්ච් බොක්ස් එකත් අරගෙන පන්තියෙන් එළියට ආවා. එතකොටම සනීෂා අපේ සයන්ස් සොසයිටි එකේ සෙකට්‍රි ටෙරීෂා එක්ක අපේ පන්තිය දිහාට එනවා දැක්කා.
"අනේ හොඳ වෙලාවට ඔයාව හම්බුනේ මහීමා. අහන්නකො අන්තිමට මැඩම් සයන්ස් ඩේ එකට අපිට ඔකෙස්ට්‍රා එක කරන්න පර්මිෂන් දුන්නා. මට නම් හිතා ගන්නත් බැරි වුනා මැඩම් කැමති වුනා කිව්වාම. අපිට මේක හොඳට කරන්න පුළුවන් වුනොත් මැඩම්ට බටර් පාරක් ගාලා ඇනුවල් ට්‍රිප් එක දවස් 02 ක් යන්න පර්මිෂන් ගන්න පුළුවන් වෙයි. දැන් ඉතින් ඕගොල්ලො අතේ තමයි ඉතුරු වැඩ ටික තියෙන්නෙ." ටෙරීෂා එක දිගට කියෝගෙන කියෝගෙන ගියා.
"ෂා.. බලන්නකො කෙල්ලගෙ තියන සතුට. ෂුවර් එකටම මැඩම්ට ලොකුම ලොකු මුට්ටියක් අල්ලන්න ඇති එකපාරටම පර්මිෂන් හම්බුනේ." මං සනීෂා එතන ඉන්නවා කියලා දැක්කෙවත් නැති ගාණට ටෙරීෂා එක්ක විතරක් කතා කරන්න ගත්තා
YOU ARE READING
TOO LONG TO THE DAWN [GL] ✔️
Romance**අරුණෝදය නොදුටු හදවතක කතාව** මහීමා කියන්නෙ ටිකක් දඟකාර, තමන්ට හිතුන දේ කරන ගෑනු ළමයෙක්. එයාගෙ හිතේ පොඩි කාලේ ඉදන් කෙනෙක් ගැන ලොකු කැමැත්තක් තියනවා. දවසක මහීමාට එයාගෙ හිතේ ඉන්න කෙනාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන් වෙයිද? නැත්තම් ඒ කැමැත්ත හැමදාටම මහීමාග...