අදත් හති දාගෙන කොච්චියට දුවන්න වුණා. 7.15 කොච්චිය මිස් වුනොත් ආයෙ ඉස්කෝලෙ යන්න වෙන්නෙ 8.00 ත් පහු වෙලා තමයි. ඕගොල්ලො හිතනවා ඇති අපේ ඉස්කෝලෙ පටන් ගන්නෙ 8.00 වෙන්න ඇති කියලා. අපොයි නෑ... අපේ ඉස්කොලෙත් අනිත් ඉස්කෝල වගේම තමයි එත් මං නම් මතක ඇති කාලෙක 7.30 ට කලින් ඉස්කෝලෙ ගිහින් නෑ...
ගේට් එක ළඟ ඉන්න ප්රිෆෙක්ට්ස් ලටයි මැඩම් ලටයි මට බැනලම ඇති වෙලාද කොහෙදෝ දැන් මොකුත් කියන්නෙ නෑ... ඉස්සර නම් නංගි මොකද මෙච්චර පරක්කු වෙලා, නංගි මොකද ඔය කොණ්ඩෙ හැටි, නංගි ඔය ටයි එක හරියට හදා ගන්න, නංගි ගවුම 0.36 cm කොටයි හෙට එනකොට හදන් එන්න. නංගි අරක හදාගන්න, මේක හදාගන්න.... ඉවරයක් නෑ. අපේ ඉස්කෝලෙ ගර්ල්ස් ස්කූළ් එකක් හින්දද මන්ද මෙච්චර නීති...
හරි ඔක්කොටම කලින් මන් මං ගැන කියලා ඉන්නම්කො... මගෙ නම මහීමා. 12 පන්තියෙ ඉන්නෙ. තාත්තට මාව ඩොක්ටර් කෙනෙක් කරන්න ඕනෙ වුන හින්දා මට ඉතින් බයෝ සයන්ස් කරන්න වුනා... ඒත් ඇත්තටම මගේ හීනේ කවදා හරි ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන එක. කාටද අනේ පුළුවන් උදේ පාන්දර ඉදන් රෑ වෙනකන් හොස්පිටල් එකකට හිර වෙලා පේෂන්ට්ස්ලා ගොඩක් එක්ක දවස ගත කරන්න... මට නම් ඒ වගේ ලයිෆ් එකක් කවදාවත් හරියන්නනෙ නෑ... මං හැමදාම නිදහසේ ඉන්න ආස වුන කෙනෙක්...
YOU ARE READING
TOO LONG TO THE DAWN [GL] ✔️
Romance**අරුණෝදය නොදුටු හදවතක කතාව** මහීමා කියන්නෙ ටිකක් දඟකාර, තමන්ට හිතුන දේ කරන ගෑනු ළමයෙක්. එයාගෙ හිතේ පොඩි කාලේ ඉදන් කෙනෙක් ගැන ලොකු කැමැත්තක් තියනවා. දවසක මහීමාට එයාගෙ හිතේ ඉන්න කෙනාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන් වෙයිද? නැත්තම් ඒ කැමැත්ත හැමදාටම මහීමාග...