"මහීමා..."
"මහීමා!!"
"ආ මොකක්ද අනූ?"
"ඔයා හොඳින් නේද?"
"ආ ඔව් ප්‍රශ්නයක් නැහැ." ප්‍රැක්ටිස් ඉවර වෙලා මම ටියුෂන් ක්ලාස් එකට ආවත් උගන්නපු කිසි දෙයක් මගෙ ඔලුවට ගියේ නැහැ. අනූට ප්‍රශ්නයක් නැහැ කියලා බොරුවට කිව්වත්, අද සිද්ධ වුණ දේවල් මගේ හිතට ලොකු වදයක් වුණා.
"අනේ මන්දා ඔයා අද වෙනමම ලෝකෙක ඉන්නෙ මහීමා. ක්ලාස් ඉවර වුණාම හිතේ මොනවා හරි තියන් ඉන්නවා නම් කියන්න හරිද? දැන් උගන්නන දේවල් අහ ගන්න."
"හා හොඳයි." එහෙම කියලා මම ආපහු බෝඩ් එක දිහා බලා ගත්තා. ඒත් මම ඒ දේවල් අනූට කිව්වොත්, සනීෂාට වුණ පොරොන්දුව කඩ කළා වෙනවා. හ්ම්... හැමදේටම විසඳුමක් ඉක්මනටම ලැබෙයි කියලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබුනෙ නැහැ.
ක්ලාස් ඇරලා එකක් එනකන් අනූයි මායි ට්‍රේන් එකක් එනකන් ස්ටේෂන් එකේ ඉදගෙන හිටියා. මම කිසි කතා නොකරන බව තේරුම් ගත්ත අනූ අපි දෙන්නා අතර තිබුන නිහඬතාව බිඳ දැමුවා.
"කොහොමද මහීමා ප්‍රැක්ටිස් හෙම? තව ටික දවසයිනේ තියෙන්නෙ?"
"ඔව් වරදක් නැහැ ඉතින්. හෙටයි අනිද්දයි රියහසල් තියෙනවා කිව්වා."
"නියමයිනෙ මාත් එන්නම් බලන්න??"
"පීරියඩ් කට් කරන් එන්න එපා... ඔයාලට සයන්ස් ඩේ එක දවසට බලන්න පුළුවන්නෙ?" මම අපතයා වගේ එක පීරියඩ් එකකවත් පන්තියෙ හිටියෙ නැති වුණාට අනිත් ළමයිවත් ඒ තත්ත්වෙට පත් කරන්න බැරි නිසා මම එහෙම කිව්වා.
"මොන පිස්සුද අනේ එදාට අතුගාන්න එන්න කියයි, පොල්තෙල් පහන සරසන්න එන්න කියයි, කෑම මේසෙ හදන්න එන්න කියයි. අන්තිමට සයන්ස් ඩේ බලනවා කෙසේ වෙතත් හැමෝටම කේක් බෙද බෙද යන්න වෙන්නෙත් මට තමයි."
"ඔයා මොකටද කේක් බෙදන්නෙ? සංග්‍රහ කමිටුවෙද?" මම හිනා වෙවී ඇහුවෙ කෑම කොතනද අනූ එතන කියලා දන්න නිසා.
"හ්ම්..." බොරුවට ස්මයිල් ඉන් පේන් හතරවටේටම මුහුණක් හදාගෙන අනූ උත්තර දීපූ විදියට මට තවත් හයියෙන් හිනා ගියා.
YOU ARE READING
TOO LONG TO THE DAWN [GL] ✔️
Romance**අරුණෝදය නොදුටු හදවතක කතාව** මහීමා කියන්නෙ ටිකක් දඟකාර, තමන්ට හිතුන දේ කරන ගෑනු ළමයෙක්. එයාගෙ හිතේ පොඩි කාලේ ඉදන් කෙනෙක් ගැන ලොකු කැමැත්තක් තියනවා. දවසක මහීමාට එයාගෙ හිතේ ඉන්න කෙනාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන් වෙයිද? නැත්තම් ඒ කැමැත්ත හැමදාටම මහීමාග...