Chapter 02

99 24 5
                                    

එයා නැගිටලා ගිහින් හුගක් වෙලා උනත් මට තවමත් නැගිට ගන්න බැරුව caffe එකේ කොනේම මේසේ මම ඉදගෙන හිටියා... මගේ කකුල් හුගක් ගැහෙන නිසා මට බය හිතුනා ඇවිදින්න උත්සාහ කලොත් මාව වැටෙයි කියලා..

එහෙනම් ඒකද අවසානය,අපේ කතාවේ අන්තිමම අන්තිම කොටස.මට ඕනේ උනා දුවන්න දුවලා ගිහින් එයාගේ අත අල්ල ගන්න.. අල්ලගෙන එක පාරක් යන්න එපා නවතින්න කියන්න ඕනේ උනා මට ඒත් මගේ කකුල් වලට මොකක්ද වෙලා ඒවා තිබ්බ තැනමයි ඒ විදිහටම ටිකක් වත් හෙලවෙන්නේ නෑ....

මට එයාට කියන්න ඕනේ ඔයා තමා  තවමත් මේ විදිහට ජීවත් වෙන එකම හේතුව කියලා... ඔයාගේ ආදරේ නැත්තන් මම තවත් මේ ලෝකේ ඉන්න එකක් නෑ කියලා... මට ඇත්තටම ජීවත් වෙන්න තිබ්බ එකම හේතුවත් ඒ විදිහට විනාස වෙලා ගියට පස්සේ මට තිබ්බේ එක ප්‍රශ්නයක් විතරයි

"ඇයි? ඇයි? ඇයි,මම ජීවත් වෙන්නේ?"

මට කැ ගහලා මේක අහන්න ඕනේ උනා කවුරු හරි කමක් නෑ මට උත්තර දෙන කෙනෙක්ගෙන්.ඒත් මං වගේ කෙනෙක්ට ඒකට උත්තර දෙන්න කවුරුත් බැදිලා නැති බව මට තේරෙද්දිත් එහෙම දෙයක් කරන එක මෝඩ වැඩක්. මම හුගක් අවාසනාවන්තයි නේද..

මම හුගක් මහන්සි උනා debut  වෙන්න.. idol  කෙනෙක් විදිහට ඒත් මගේ නොහැකියාවද නැත්තන් අවාසනාවන්තකමද මන්දා මට ඒක කරගන්න බැරි උනා.. පවුලේ අයත් හුගක් මං ගැන බලාපොරොත්තු තියාගෙන හිටියේ ඒත් මට ඒ කාගෙවත් බලාපොරොත්තු ඉටු කරගන්න බැරි උනා.. මම නිකන්ම වැඩකට නැති ළමෙක් උනා.. දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරලා දාපු..

එදා අප්පා මගේ කම්මුලට ගහලා ගෙදරින් යන්න කිවුවට පස්සේ තව අද වෙනකන් මට ඒ ගෙදරට අඩියක් තියන්න ශක්තිය්ක් ලැබුනේ නෑ.. අම්මා උනත් මගදි මාව මුනගැහුනත් නොදැක්කා වගේ යනවා.. ඒ හැම දේකින්ම උනේ මම තවත් තනි උන එක..

SM එක කියන්නේ මට තිබ්බ හැම දේම මට නැති උන තැන වගේම මගේ ජීවිතේට ලැබුන වටිනම දේ මට හම්බුන තැන.. ඒ තමා ඔයා kyungsoo ya... එකම කාලේ trainees ලා විදිහට  SM එකට ගියත් එකම වයසේ නිසා අපි දෙන්නා ගොඩක් හිතවත් උනා.. ඒ යාලුකම ආදරේකට පෙරලුනේ අපිටත් නොදැනිම.. ඒත් අද ඔයා ඒ හැම බැදීමක්ම ඉවර කරලා යන්න යනවා.. කිසිම දෙයක් නොවුන ගානට කිසිම හැගීමක් දැනීමක් නැති කෙනෙක් වගේ ඔයා කියන්නේ මේ  හැම දෙයක්ම මට තනියම දරාගන්න කියලද..

Wasted Petals Where stories live. Discover now