මම ආයෙත් මාස තුනකට පස්සේ ඒ බිල්ඩින් එක ඉස්සරහ හිටන් ඉන්නවා.. ඔව් ඒ SM Entertainment එක. Mr.Sooman මම එනකන් බලන් ඉන්නවා.. අපි ඊලගට ගන්න පියවර මොකක්ද කියල කතා කරන්න ඕනේ... හැම දේකටම කලින් මට විවේකයක් අවශ්‍ය බව මගේ මනස ඒ වෙනකොටත් මට අගවලයි තිබුනේ.. ඔව් මගේ අතින් උන වැරදි ආපහු නිවැරදි කරගන්න තරම් විවේකයක්.. මම ඒ ගැන බලාපොරොත්තු සහිතව මගේ manager huyng එක්ක CEO Office එකට ගියා..
" ආ DO Good Morning.. ඇවිත් ඉදගන්න දැන් කොහොමද?" ඒ MR.Sooman
"Goodmorning Sooman Ssi" මම අපේ CEO ට ආචාර කරලා එතනින් ඉදගත්තා.
"දැන් ඉතින් ඔයා මොකක්ද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ... මම doctors ලා එක්ක කතා කලා.. එයාලා කිවුවා මාස 6කින් පස්සේ ඔයාට ඔයාගේ acting ආයේ පටන් ගන්න පුලුවන් කියලා dancing & singing වලට ආපහු යන්න කලින් නම් ඔයාට ටිකක් ලොකු rest එකක් ගන්න වෙනවා.. ඔයා කැමති කොයි විදිහටද"
"මට සමාවෙන්න Sooman ssi ඒත් මම කැමති මට මේ හැම දේකටම කලින් අවුරුද්දක්වත් විවේකයක් ගන්න පුලුවන් නම්.. මොකද මට තාමත් හදා ගන්න ඕනේ ගොඩක් අතපසු උන දේවල් තියෙනවා ඒ වගේම ආයෙත් මේ වගේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න මගේ health එක ගැනත් මට හුගක් සැලකිලිමත් වෙන්න වෙනවා.. ඔයාට ඒ ගැන හිතලා බලන්න පුලුවන්නම් ඒක ලොකු උදවුවක්"
එයා කැමති වෙයිද කියලා නොදන්නවා උනත් මම එයාට මට අවශ්‍ය දේ එක හුස්මට කියාගෙන ගිහින් ඉවර කලා.
විනාඩි ගනනාවක් එක දිගට කල්පනා කරපු Mr.Sooman එක පාරටම අපි අතර තිබ්බ නිහැඬියාව බිදලා දැම්මා."හොදයි මට තේරෙනවා ඔයා කියන දේ ඒත්, ඔයා හොදටම දන්නවනේ ඔයා idol කෙනෙක්.. ඔයා ඒ විදිහෙ නිවාඩුවකට යන එකෙන් ඔයාගෙ career life එකට ලොකු damage එකක වෙන්න පුලුවන්.. ඉදලා හිටල හරි ඔයාව audience එකට පේන්න ඉන්න එකෙන් ඔයාටමයි වාසියක් වෙන්නේ.. ඒත් ඔයාගෙ health එකත් ඒ වගේම වැදගත්.. ඒ නිසා මම හිතනවා ඔයා ක්ෂේත්රය සම්පූර්ණෙන්ම අතෑරලා ඉන්නවට වඩා පොඩි පොඩි වැඩ ටිකක් හරි කරන එක හොදයි කියලා..
YOU ARE READING
Wasted Petals
Fanfictionසමහර වෙලාවට.. අපේ ජීවිත වැරදෙන්නේ අපි හිතන්නෙවත් නැති විදිහට ඒත්... අවසානය තෙක්ම බලාහිදින්න... අවසානය තවත් කතාවක ආරම්භයක් වෙන්න පුලුවන් නිසා....!!!