Chapter 04

55 14 7
                                    


"Suho hyng... Yoo Soo Eun, ඇයි කවුරුවත්ම මට එයා ගැන කියන්නේ නැත්තේ.. ඇයි මට දැනගන්න විදිහක් නැත්තේ එයා ගැන.. මම එයාව හෙවුවත් මට කොහෙන්වත් එයා ගැන හොයාගන්න විදිහක් නෑ.. ඇත්තටම එයාට මොකක්ද උනේ.."

මම එහෙම අහන ගමන් Suho hyng විතරක් නෙවෙයි අපේ ඔක්කොම අය දිහා බැලුවා.. කට්ටියගෙම මූනූ එක පාරටම වෙනස් උන විදිහට මම තේරුම් ගත්තා මොකක්ම හරි දෙයක් වෙලා තියන බව ඇත්තටම මොකක්ද මගේ Soo Euna ට උනේ... අද කොහොම හරි හැම දෙයක්ම මම දැනගන්නව කියලා මගේ හිතට මම පොරොන්දු උනා.. ඔව් මම හැම දෙයක්ම දැනගෙන මිසක් මේ practice room  එකෙන් යන්නේ නෑ.. අන්තිමට Suho Hyung කතා කරන්න පටන් ගත්තා..

"Kyungsooya.. සමාවෙන්න.. ඔයා දන්නවනේ Yoo Eun Soo ගේ තාත්තා ගැන.. එයයා ඔයාගේ condition එක ගැන හැම දෙයක්ම දැනගත්තට පස්සේ එයා තීරණය කලා Yoo Eun Soo ව ඇමෙරිකාවට යවන්න..  එයාට ඕනේ උනේ නෑ ඔයාවයි එයාවයි ආයේ මුනගස්සවන්න.. ඒත් අපිට දැනගන්න ලැබුන විදිහට එයා ඇමෙරිකාවට ගියාට පස්සේ තාත්තා එක්ක තරහට suicide  කරගෙන.."

මට දැනුනේ මගේ ඔලුව ඇතුලේ අකුණු දහස් ගනනක් පුපුරනව වගේ හැගීමක්... මේක වෙන්න පුලුවන් දෙයක්ද.. නෑ මේක වෙන්න විදිහක් නෑ.. එයාට එහෙම මාව දාලා යන්න බෑ... එයා.. එයා.. එයා කොහොමද... මම මගේ කන් දෙක අත් දෙකෙන් වහගෙන කෑ ගහන්න ගත්තා..

"කට වහගන්න.. ඔය බොරු කියන එක නවත්තන්න.. ඕක බොරුවක්.. එයා.. එයා.. එයා මට නොකියා මාව දාලා යන්නේ නෑ කොහෙවත්... කොහොමටවත්ම මගෙන් අවසරයක් නැතුව එයා මැරෙන්නේ නෑ.. එයා මට පොරොන්දු උනා... එයා මට පොරොන්දු  වෙලා තිබුනා ඒක කලින්ම.. ඔයාලා ඔව් ඔයාලා හැමෝම මට බොරු කියන්නේ.. මම ඒක දනන්ව... මතක තියා ගන්නවලා.. මම කීයටවත් මම කීයටවත් ඔය කියන බොරු විශ්වාස කරයි කියලා හිතන්න එපා.. මම මේ හැම දේකම ඇත්ත හොයාගන්නවා.. ඒ ඇත්ත හොයාගෙන මම ඔයාලට පෙන්නන්නම්... මම පෙන්නන්නම් මගේ Yoo Soo Eun මැරිලා නෑ කියලා.. එයාට මොකුත්ම වෙලා නෑ කියලා..."

මම එහෙම කියලා එක පාරටම නැගිටලා practice room  එකෙන් එලියට දුවලා ගියා.. මම එහෙම්මම මගේ වාහනේට නැගලා Ulsan වලට පියෑඹුව.. ඔව් ඒකට පියාඹනවා ඇරෙන්න වෙන කියන්න පුලුවන් දෙයක් නෑ මොකද මම ඒ තරම්ම වේගෙන් ගියේ... මට ඕනේ උනේ අර Dr.Yoo කියන මෝඩ මිනිහාගෙන් ඇත්ත දැනගන්න... ඔව් ඒකට මට එයාට දෙකක් තුනක් තඩිබාන්න උනත් මට කිසිම පසුතැවීමක් දැනුනේ නෑ... මම මෙච්චර කාලයක් ඒ මිනිහට වැඩගත් තැනක් දීලා හැසිරුනේ Soo Eun නිසා එයා මගේ Soo Eun ගේ තාත්තා නිසා....

Wasted Petals Where stories live. Discover now