" හරි ඔයාට බැරි නම් කමක් නෑ.. මට ඕනේ දේ මම කරගන්නම්... මම ජීවතුන් අතර ඉන්න නිසානේ ඔයාට බැරි මගේ heart එක එයාට දෙන්න ඒත් මම මැරුනොත් ඒක ප්රශ්නයක් නෑ නේ එතකොට ඔයාට මගේ heart එක එයාට දෙන්න පුලුවන් නේ නේද.."
එහෙම කියලා මම elevator එක ලගට දුවලා ගියේ roof top එකට යන්න හිතාගෙන.. එතකොටම Min Yeonga ඇවිත් මගේ අනින් අල්ලලා ඇදලා මාව නැවැත්තුවා...
"Yoo Soo Eun.. පිස්සෙක් වගේ හැසිරෙන්න එපා... ඔයා මැරුනට පස්සේ එයා ජීවත් උනත් එයා කොහොමද තමුසේ නැතුව ජීවත් වෙන්නේ කියලා හිතනවා.. එයා තමුසෙට ආදරෙයි හුගක්.."
"නෑ Min Yeonga... ඒක තව දුරටත් එහෙම නෙවෙයි... තව දුරටත් එයා මට ආදරේ නෑ.. අපේ හැමදෙයක්ම ඉවරයි.. මට ජීවත් වෙන්න තිබ්බ එකම හේතුව උන එයා තවත් එහෙම කෙනෙක් නෙවෙයි.."මම අඩන්න ගත්තා.. මට දැනුනා Kang Min Yeong අල්ලගෙන හිටිය මගේ අතේ ග්රහණය තවත් තද වෙන්වා... එයා ඇස් වල කදුලු පුරවගෙන මගේ දිහා බලන් හිටියා.. හරියට එයාට තව කියාගන්න බැරි උන දෙයක් මට කියන්න තියෙනව වගේ.. ඒ උනත් එයාට ඒ කියන්න තියෙන දේ අහන්න තරම් මගේ හිත නිදහස් එකක් උනේ නෑ.. මට ඕනේ උනේ.. මම ආදරේ කරන මනුස්සයගේ ජීවිතේ පරෙස්සම් කරගන්න..
" Dr.Kang.. room number 248 වල ඉන්න patient ගේ BP එක අඩු වෙලා.. Dr.Park Dr.Kang ට එන්න කිවුවා.."
" මේ අහන්න Soo Euna.. මම එනකම් මෙතනම ඉන්න කොහේවත් යන්න හිතන්න වත් එපා.. මම ආපහු ආවම අපි මේ ගැන කතා කරමු හොදද.. කොහේවත් යන්න එපා.. "
මට ඒ විදිහට තර්ජනය කරලා Min Yeonga ඒ කියපු patient ඉන්න room එක පැත්තට ඒ ආපු nurse එක්ක දුවල ගියා.. එතකොටම මගේ පිටිසස්සෙන් ඇරුන elevator එකට මම ගොඩ වෙලා roof top එකට යන්න විධානය දුන්නා.. "මට සමාවෙන්නMin Yeonga.."මම මගේ හිතෙන් මට පිටුපාලා දුවන Kang Min Yeong දිහා බලාගෙන හිතනකොට elevator එකේ දොර වැහුනා..
Roof top එකට ගියාට පස්සේ මට හුගක් දේවල් මතක් උනා.. එයා එක්ක ඒ ගතකරපු ලස්සන කාලේ.. එයාගේ ආදරේ නිසා මට දැනුනු ඒ ආරක්ශිත සම්පූර්ණ හැගීම වගේම එයාගෙන් අවසරයක් නැතුව මම මැරෙන්නේ නෑ කියලා එයාට උන පොරොන්දුවත් මට මතක් උනා.. ඒත් ඒ හැම දෙයක්ම අතීතයක් විතරයි.. මම තවත් ඒ අතීතය තුල හිර වෙලා වර්තමානය දාරගන්න බැරුව ඉන්න කිසිම වැඩකට නැති මනුස්සයෙක් විතරයි.. මරණය කියන හැගීමත් සැනසීමක් වගේ මට දැනෙන්නේ..
මම එහෙම්මම එතන තිබ්බ පඩිය උඩට ගොඩ උනා.. බිම බලන්න බය හිතුන නිසා මම ඇස් දෙක පියා ගත්තා...
"මෝඩි තමුසේට පිස්සුද.. මම කිවුවා නේද තමුසෙට ඉන්න කියලා.."එක පාරටම ඇහුන කටහඩත් එක්ක මම ඇස් දෙක ඇරියා එතකොටත් Min Yeonga මාව ඇදලා ඇරගෙන ආපහු roof top එකට තල්ලු කරලා ඉවරයි... ඒත් අවාසනාවකට.. මම අන්තිමට දැක්කේ Min Yeonga ගේ අතක් විතරයි... මම පහල බලනකොටත් එයා ලේ ගොඩක් මැද්දේ වැටිලා හිටියා...
"Min Yeonga..."මමත් උත්සාහ කලේ එතනින් පහලට පනින්න ඒත් ඒ වෙනකොටත් roof top එකට ආපු දෙන්නෙක් මාව තදින් අල්ලගෙන ඉවරයි.. අවාසනාවකට එදා මම වෙනුවට එයා එයාගේ ජීවිතේ දුන්නා.. මම කිසිම දෙයක් කරගන්න බැරුව අසරණ වෙලා ඔහේ බිම ඉදගෙන හිටියා..
එදා එයාගේ හදවත Kyungsoo ට බද්ද කරපු බව මට හිරගෙදරට ආවට පස්සේ දැනගන්න ලැබුනා.. MinYeonga ගේ මරණෙට සැක පිට මාව අතඩංගුවට ගත්තත් මම එයාගේ මිනීමරුවා බව පිලිගත්ත නිසා මට ජීවිතාන්තය තෙක් හිර දඩුවම් නියම උනා..
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
YOU ARE READING
Wasted Petals
Fiksi Penggemarසමහර වෙලාවට.. අපේ ජීවිත වැරදෙන්නේ අපි හිතන්නෙවත් නැති විදිහට ඒත්... අවසානය තෙක්ම බලාහිදින්න... අවසානය තවත් කතාවක ආරම්භයක් වෙන්න පුලුවන් නිසා....!!!