"Good Morning... මට ඔබතුමා වෙනුවෙන් කරන්න පුලුවන් මොකක්ද..."
"ආහ්.. Good morning මම ආවේ patient කෙනෙක් ගැන විස්තරයක් දැන ගන්න.. මට පුලුවන්ද.."
"මට සමාවෙන්න.. ඒත් අපිට patientලගේ පෞද්ගලික විස්තර එහෙම දෙන්න පුලුවන් කමක් නෑ... ඒත් ඔබතුමාගේ අවශ්‍යතාවය ගැන සදහන් කරලා request එකක් කරොත් අපිට පුලුවන් ඒ ගැන සලකා බලන්න.."
"හොදයි..!බොහොම ස්තූතී මම ඒ විදිහට කරන්නම්.."
"හලෝ... Mr.Min... මෙහේ මොකද කරන්නේ... හදිස්සි වැඩකටද..."
"හලෝ Dr.Wang... වෙලාවට ඔයාව මුනගැහුනේ.. මට පොඩි උදවුවක් ඕනේ කරනවා.. මගේ වැඩක් නෙවෙයි මේක Chairman වෙනුවෙන්... ඔයාට කරන්න පුලුවන් නම් ලොකු උදවුවක්.. මම ඔයා ගැන හොද වචන දෙක තුනක් එයාට කියන්නම්.."
"හපෝ ඕක මොකක්ද... කියන්න ඕනේ උදවුවක් මම කරන්නම්... අනික මම Chairman වෙනුවෙන් වැඩ කරන්නේ අද ඊයේ ඉදලා නෙවෙයිනේ..."
"හොදයි.. මට දැනගන්න ඕනේ මෙහේ හිටපු patient කෙනෙක් ගැන විස්තරයක්... patient ගේ නම Song ji won.. එයා මීට අවුරුදු 27කට කලින් තමා මෙහේ admit උනේ දරුවෙක් ලැබෙන්න.. doctors ලා කියලා තියෙන්නේ දරුවා නැති උනා කියලා.. ඒත් එයාගේ husband ගෙන් දැනගන්න ලැබුනා ඒ දරුවා ජීවතුන් අතර ඉන්නවා කියලා.. ඉතින් Chairman ට ඕනේ ව්ව්ලා තියෙනවා ඒ දරුවට ඇත්තටම මොකක්ද උනේ කියන එක දැනගන්න.. ඒ නිසා.. මට උදවු කරන්න පුලුවන්ද ඒ ගැන නිවැරදි විස්තරයක් දැනගන්න..."
"ම්ම්ම්ම්ම්..... අවුරුදු 27 කට කලින් උන දෙයක් ගැන නේද.. මට ලොකු විශ්වායක් නම් නෑ මට හොයාගන්න පුලුවන් වෙයිද කියලා ඒත් මම උපරිම උත්සාහ කරන්නම් කොහොම හරි විස්තරයක් දැනගන්න අනිවාර්‍යෙන්ම..."
YOU ARE READING
Wasted Petals
Fanfictionසමහර වෙලාවට.. අපේ ජීවිත වැරදෙන්නේ අපි හිතන්නෙවත් නැති විදිහට ඒත්... අවසානය තෙක්ම බලාහිදින්න... අවසානය තවත් කතාවක ආරම්භයක් වෙන්න පුලුවන් නිසා....!!!