"මෙහේ හොදයි ද මියා..."
"ඔව් අවුලක් නෑ අලී.."
"ඇයි එහෙම කිව්වේ මියා මොකක් හරි ප්‍රශ්නයක් ද.."
සෝහා එහෙම ඇහුවේ මියා අවුලක් නෑ කිව්ව නිසා..මියා මෙයාලට හංගලා මොනා කරන්න ද කියලා හිතලා එයා ඔක්කොම දේවල් මෙයාලට කිව්වා....ජන්කුක් ගැන,රස්සාව ගැන,අම්මා ගැන,ජන්කුක්ගෙ තාත්තා ගැන,මියා ගෙ තාත්තා ගැන,හොටෙල් එක ගැන,ජන්කුක් එදා හොටෙල් එකේ දි කරපු දේ ගැන...මේ හැම දේම කිව්වා...ඒත් හොටෙල් එකේදි වෙච්ච දේ ගැන කියද්දි අලී ට ටිකක් කේන්ති ගියා...
"මොකක්ද කිස් කලා...මියා ඔයා හෙට ම යන්න ඕනි මාත් එක්ක.."
"කොහෙද.."
"අපි යමු වෙන කොහේ හරි..මම ඔයාව බලා ගන්නම්...ඔයා තව මෙහේ ඉන්න ඕනි නෑ..."
"බෑ අලී මම ඉන්න ඕනි..මට කෙනෙක්ගෙන් පලි ගන්න තියෙයි...ඒත් ඔයාගෙන් මට උදව්වක් ඕනි..."
"නෑ නෑ ඔයා මාත් එක්ක යනවා මයි..."
"නෑ අලී මට යන්න බෑ..."
"එහෙනම් මම මෙහේ ඉන්නවා.."
"ඔයා ඉන්නවා නම් ඉන්න මට කමක් නෑ..ඒත් මගේ වැඩ වලට කරදරයක් වෙන්න බෑ.."
"හරි හරි ඔය දෙන්නා කතා කර ගන්න...අපි දෙන්නා යනවා...අපි හෙට එන්නම්...දැන් රෑත් වෙලානෙ..අපේ ගෙවල් වලින් බය වෙයි.."නාරා එහෙම කියලා සෝහාත් එක්කම නැගිටලා යන්න ලෑස්ති වුනා..
"ආආ හරි හරි පරිස්සමින් යන්න...හෙට එන්න එහෙනම් අනිවාරෙන්...."
"හරි අපි එන්නම්කො.."සෝහා එහෙම කියලා ඒ දෙන්නා එහෙන් ගියා හෙට එන්න කියලා හිතාගෙන...මියා දොර ලගට ගිහින් ඒ දෙන්නව යවලා අහපව් ආවෙ අලී ගෙන් උදව්වක් ඉල්ල ගන්න...
"අලී..මම ඉල්ලපු උදව්ව ඔයා මට කරනවද.."
"මොකක්ද.."
"මට වැම්පයර් කෙනෙක් වෙන්න ඕනි.."
"මොකක්ද.."අලී ට එකපාරට නිකන් මොකක්ද වුනා වගේ..
"ඔයා දන්නවනේ..මගේ තාත්තා වැම්පයර් කෙනෙක් වුනාට මම වැම්පයර් කෙනෙක් නෙවෙයි කියලා...මටත් වැම්පයර් කෙනෙක් වෙන්න ඕනි.."
"මියා ඔයා දන්නවනේ ඒක කොච්චර අමාරුද කියලා...මට හිතෙන්නෑ මට මගේ හැගීම් පාලනය කර ගන්න පුලුවන් වෙයි කියලා..අනික ඔයා දන්නවනේ වැම්පයර් කෙනෙක් උනාම කොච්චර දේවල් ඉවසන්න ඕනි ද කියලා...කවුරු හරි තරහ යන දෙයක් කිව්වොත් ඉවසන්න ඕනි...ඒ වගේ ම හැගීම් පාලනය කරන්න වෙනවා මිනිස්සු දැක්කම...ඔයා දන්නවනේ මම කියන්න ඕනි නෑ නේ..."
"ඔව් අලී මම දන්නවා...ඒක නිසා ම තමා මට වැම්පයර් කෙනෙක් වෙන්න ඕනි..."
"අනේ මන්දා මියා මට කරන්න පුලුවන් වෙයි ද දන්නෑ.."
"අනේ අලී මම වෙනුවෙන් කරන්නකො.."
"ඒත් මගේ හැගීම් පාලනය කර ගන්න බැරි වුනොත් මට.."
"අනේ අලී මම ගැන හිතලා මේ දේ කරලා දෙන්න මට.."
YOU ARE READING
•°•i love you•°• : JJK [Completed]
Werwolfplease read the discription ⤵️ (sinhala fanfiction) this is for you.. werewolf and vampire story.. Main character :- Jeon Jungkook Starting date:-2021.04.13 Finishing date:-2021.06.21