Chapter 9

791 149 24
                                    

"ජන්කුක් අපිට මොකක්හරි කරමු නේද අරකට.."මියා ඔෆිස් එකට එන ගමන්ම කියාගෙන ආවේ ජන්කුක් දිහා බලන ගමන්..ඒත් ජන්කුක් ඉදියේ ඒ ප්‍රශ්නෙ කතා කරන්න පුලුවන් මූඩ් එකක නෙවෙයි කියලා මියාට හොදටම තේරුනේ ජන්කුක්ගෙ මූණ දැක්කම..

"ජන්කුක් ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින් ද?"මියා ඉක්මනට ගිහින් ටේබල් එකට අත් දෙක තියලා ජන්කුක්ගෙ මූණට නැවිලා ඇහුවේ මොන තරහා තිබුනත් අපි දෙන්නා එකට ඉදපු අය නිසා..

"ඔව් ප්‍රශ්නෙක තමයි..ප්‍රශ්නෙ තමයි ඔයා.."ජන්කුක් එකපාරට මේසෙට තඩිබාලා නැගිටලා මියා අත් දෙකෙන් අල්ලලා පිටිපස්සට තල්ලු කරගෙන ගිහින් බිත්තියට හේත්තු කරේ මූණටම එබීගෙන..

"ඇයි මොකක්ද මම?"මියා අමුතුවට ඇහුවේ මියා එයාට කිසිම වැරැද්දක් කරේ නැති නිසා..

"ඔයයි ඔයාගෙ ඔම්මයි නිසා තමයි මට ඔම්මා කෙනෙක් නැති වුනේ..මම පොඩි කාලෙ ඔම්මා නැතුව කොච්චර දුක් වින්ද ද..ඒ ඔයා නිසා..ඔයාලගෙ පවුල නිසා.."ජන්කුක් තරහින්ම මියාගෙ මූණට කියද්දි මියාට ඇඩුනේ නෑ..මොකද ඒක සාධාරණ හේතුවක් නෙවෙයි කියලා මියා හොදටම දන්නවා..

"මේ ජන්කුක්..මේක අහගන්න..ඔයාට විතරක් නෙවෙයි මටත් ඔම්මා කෙනෙක් නැති වුනා..ඔයා විතරක් නෙවෙයි මමත් දුක් වින්දා..අනික අපි දෙන්නගෙ අතරට ඇයි ඔම්මලගෙ ප්‍රශ්න පටල ගන්නේ?අපි දැන් කරන්න ඕනි mj ව අල්ලන එක නැතුව අපි දෙන්නට බැන ගන්න එකවත් පරණ දේවල් ගැන හිතන එකවත් නෙවෙයි..ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න..අනික ඔහොම ඔයාට තරහා එන හැමසැරේම හිතක් පපුවක් නැතුව කාටවත් බනින්න එපා..මොකද ඔයාට හදවතක් නෑ කියලා එයාලට හදවතක් නැතුව නෙවෙයි නෙ.."මියා කියද්දි තමා ජන්කුක්ට මීටර් වුනේ මොකක්ද මේ කියන්නේ කියලා..මියා කියන එක හරි..එයා හැමවෙලාවෙම කරන්නෙ
එයාට දුකක් ඇති වුනත් තරහක් ඇති වුනත් ළග ඉන්න එකාගෙන් ඒක පිට කරන එකනේ..ඒත් මොකක්ද මේ පපු කතාව?ජන්කුක් මියාව අත ඇරලා ඔලුව කහ කහ කැබින් එකෙන් එළියට ගියේ ලොකු කල්පනාවක..මියාත් ෆයිල් ටිකටේබල් එක උඩින් තියලා එයාගෙ වැඩක් බලා ගන්න යන්න හදද්දිම කෝල් එකක් ආවේ අලී ගෙන්..අලී වුන දේවල් හැම එකක්ම සෝහාගෙන් දැන ගත්ත ගත්තා කියලා මියාට ආරංචි වුනා..එයා එතනදි හැසිරිච්චර විදිහේ වැරැද්ද තේරිලා ජන්කුක් අහපව් කැබින් එකට ආවේ මියාගෙන් සමාව ගන්නවා කියලා හිතාගෙන..කැබින් එකට එද්දි මියා ලොකු කෝල් එකක ඉන්න බව දැක්ක ජන්කුක්ට ඒක අහන්නේ නැතුවම ඉන්න බැරි වුනා..

•°•i love you•°• : JJK [Completed]Where stories live. Discover now