Chapter 12[last episode]

1.1K 156 86
                                    

After 6 year~

"ජන්කුක් ඔය ළමයව බිමින් තියන්න..පොලේ ගහනවකො කොහොම හරි.."ළමයව කරේ තියාගෙන උඩ පනින ජන්කුක් දිහා තරහින් බලාගෙන මියා කිව්වේ කොයි වෙලාවෙද ළමයා බිමට වැටෙන්නේ කියලා හිත හිත

"ඔම්මේ කට පියාගෙන ඉන්න..අප්පා මාව වට්ටන්නෑ.."ළමයා අප්පට දෙවෙනි නෑ..කට හොදටම වැඩියි..ජන්කුක්ගෙ පිටේ ඉදන් හොදට හිනාවෙද්දි මියාට යකෙක් වැහෙන්න ඔන්න මෙන්න වගේ..

"බහිනවා දැන්මම බිමට..මාත් එක්ක කට ගහගෙන එනවා මෙතන.."මියා එයාගෙ ඇගිල්ලකුත් දික් කරලා ළමයට කිව්වත් ජන්කුකා තාම ළමයව බිමින් තිබ්බේ නෑ..

"අප්පා කොහෙන්ද මෙයාව හොයා ගත්තේ..කට හොදටම වැඩියි.."ළමයා ජන්කුක්ගෙ දිහා බලලා ඇද කරලා කිව්වේ මියාව තවත් ඇවිස්සෙද්දි..

"අනේ මන්දා..මටත් හිතා ගන්න බෑ..මොකට කැමති වුනා ද කියලා."ජන්කුක් ළමයව බිමින් තියලා කාමරේට දුවන්න කියන ගමන් කිව්වේ මියාට හිනා වෙන ගමන්..

"ඔම්මේ..අප්පේ..මම මේ ඔය දෙන්නටම කියන්නේ..මට තව නංගි කෙනෙක් ඕනි..හැමදාම තනියෙන් ඉන්න බෑ නෙ..මටත් සෙල්ලම් කරන්න කෙනෙක් ඕනි.."කාමරේ ළග නැවතිලා ළමයා අහපව් මියා ළගට යන ජන්කුක් දිහායි මියා දිහායි බලාගෙන කිව්වේ ඔරවන ගමන්..

"ඒයි..මොනාද කියවන්නේ..දුවනවා කාමරේට..ගිහින් ඇදුමක් තෝර ගන්න හෙට වෙඩින් එකට යන්න.."මියා අහපව් අනිත් පැත්තට කෙල්ලට බැන්නේ මුගෙ කට වැඩියි හොදටම කියලා හිතන ගමන්..ජන්කුක් මේසෙට ඇගිල්ලෙන් ඇන ඇන මියා ළගට ඇවිත් back hug කරේ කෙල්ල කාමරේට ගියාට පස්සේ..

"ආහ්..අප්පා ආවද ඊළගට..යන්න...ඔයත් ගිහින් තෝර ගන්න ඇදුමක්..."ජන්කුක් ඇවිත් බදාගෙන ඉද්දි එයාගෙ ඉන වටේ තිබුන අත් දෙක ගවලන ගමන් මියා කිව්වේ ජන්කුක් එන පොට හොද නැති බව දන්න නිසා...

"මේහ් ඒක නෙවෙයි බං..අපි තව ළමේක් හදමු ද?"ජන්කුක් එයාගෙ ප්‍රිය වචන භාවිතා කරන ගමන් මියාගෙ තරහා ඇවිස්සුවේ කුප්ප කතාවක් කියන ගමන්..

"බං??අනේ මේ ජන්කුක්..තව ළමයි ඕන්නෑ..තව හැදුවත් ඔච්චරයි..පේනවා නෙ අර කෙල්ලගෙ කට.."කාමරේ දිහා අහපව් ඔරවලා බලන ගමන් මියා කිව්වේ තිබුන අත් දෙක හයියෙන් ම ගලවලා දාලා..

•°•i love you•°• : JJK [Completed]Where stories live. Discover now