Chapter 5

909 154 16
                                    

අලීයි මියායි කාලා ඉවර වෙද්දිම වගේ නාරායි සෝහා යි ආවා...කට්ටියත් එක්ක කතා කර කර ඉදපු නිසා දවසක් ගෙවෙනවා දැනුනෙම නෑ.... ඊලග දවසෙ උදේ ම අලී නැගිට්ට ගමන් අර තුන් දෙනාටවත් ඇහැරෙව්වා...
"මියා අපි දෙන්නා යමු ද ඇවිදින්න.."අලී තමන්ගෙ හිතේ තිබ්බ අදහස එලියට දැම්මේ 'මියා දැන් වැම්පයර් කෙනෙක්..එයාට දැන් මම ඒවා පුරුදු කරන්න ඕනි'කියලා හිතන ගමන්..
"කොහෙද.."මියාට එකපාරටම හිතා ගන්න බැරි වුනා මෙයා මොකක්ද කියන්නේ කියලා..
"කැලේට.."අලී එහෙම කිව්වම තමා මියා ට වැඩේ තේරුනේ..
"යමු..මෙයාලවත් එක්කන් යමු..."මියා එහෙම කිව්වේ පොඩි කාලෙ ඉදන් එකට හිටපු දෙන්නව දාලා කොහෙවත් යන්න බැරි නිසා..
"හූම්..කමක් නෑ එක්කන් යමු..."අලී හිතුවෙ මියා එයයි තනියෙන් ගිහින් එන්න..ඒත් මියාට එයාලා නැතුව යන්න බැරි නිසා එයාටත් ඒකට කැමති වෙන්න උනා..
"ආපව් කියනවා එයාට ඔයාට වඩා අපිව වටිනවා..."එහෙම කිව්වේ නාරා අලී ටත් ගස්සගෙන ගිහින් කාර් එකට නැග්ගේ සෝහා එක්ක..
*
හතර දෙනාත් එක්කම කැලේ ගාවට ගිහින් පාර අයිනේ කාර් එක නවත්තලා සෝහා ටයි නාරා යි කාර් එකට වෙලා ඉන්න කියලා අලී මියා කැලේ ඇතුළට ගිහින් ඇති වෙනකල් ඉදියා..නාරායි සෝහා යි කාර් එකෙන් එලියට බැහැලා ඉද්දි සෝහා ට කෝල් එකක් ඇවිත් එයා ටිකක් එහාට ගිහින් තමා කෝල් එකට උත්තර දුන්නේ..නාරා එතනට වෙලා ඉද්දි එකපාරට ම කලු පාට ලොකු ජිප් එකකින් ආපු මනුස්සයෙක් නාරාගෙ මූණට ලේන්සුවක් තියලා එයාව සිහි නැති කරලා ඒ ජිප් එකටම දාගෙන අරන් ගියා...ටික වෙලාවකින් සෝහා ගෙ කෝල් එක ඉවර වුන නිසා එයා කාර් එක ලගට ගියා ම නාරා පේන්න හිටියෙ නෑ...ටිකක් කාර් එක හෝදිසි කරද්දි සෝහාට බලාගන්න පුලුවන් වුනේ කාර් එක ඉස්සරහා වැටිලා තිබ්බ නාරා දාගෙන ඉදපු මාලෙ..

එයා ඒක කවදාවත් නැති කර ගන්න කැමති එකක් නෙවෙයි..එයා ඒක එයාගෙ පනටත් වඩා ආදරෙන් ආරක්ෂා කරපු එකක්..ඉතින් කවදාවත් එයා ඒක දාලා යන්නේ නැති නිසා සෝහා දැන ගත්තා එයාට කරදරයක් තමයි කියලා..
"නාරා"එහෙම කියන ගමන් මාලෙ ඇහිදපු සෝහා ගෙ ඇස් වලින් එයාටත් නොදැනිම කදුලු වැටුනා..ඒත් එක්කම ෆෝන් එක අරන් මියා ට කෝල් කරලා හැමදේම කිව්ව සෝහා කාර් එකට වෙලා හිටියෙ මියා යි අලී ඉක්මනට එනවා කිව්ව නිසා...
*
*
*
*
*
*
*
•in the jip•

•°•i love you•°• : JJK [Completed]Where stories live. Discover now