♕8.Chapter

432 120 23
                                    

"නීරා......................"

හැමෝගෙම අවදාන යොමු උනේ ඒ නපුරු හිනා හඩට.රැජිනට වැඩි වෙලාවක එයාගෙ අලුත් දරු පැටියව හුරතල් කරන්න ලැබුනෙ නෑ.

"නීරා තමුන් මොකක්ද මෙහේ කරන්නෙ , තමුසෙට මෙහෙට එන්න අවසර ලැබුනෙ කාගෙන්ද ආ?"

රජතුමා රැජිනගෙයි දරුවගෙයි ඉස්සරහට ඇවිත් නීරට තියුනු බැල්මක් හෙලලා කිව්වා.

"හහ් ඔබමයි මට ඒ අවසරේ දීලා තිබ්බේ මගේ ආදරනීය රජතුමනි , ඇයි ඔබට අමතකද?"

නීරා කියන්නෙ අදුරු මායාවන් පාවිච්චි කරන කිදුරියක්. ඒ වගේම තමයි කිදුරියන්ට පුලුවන් ඕනම කෙනෙක්ව, කිදුරන්ව වගේම මිනිස්සුන්වත් තමන්ගෙ වශියට යටත් කරගන්න. මනුස්සයෙක් ඒ වශියට යටත් උනොත් වගේම එයා දිගටම ඒ වශියට යටත් වෙලා හිටියොත් ජීවිතේට පවා හානියන් වෙන්න පුලුවන්.ඉතින් මේ නීරා, මේ මහ සයුර වගේම ගොඩබිමත් තමන් අතට ගන්න බලන් ඉන්න අදුරු බලයන් පාවිච්චි කරන මායාකාරී කිදුරියක්.එයාට තියෙන ඒ බල කෑදර කම හින්දා එයා රජතුමාව පාවිච්චි කලා සයුරේ රැජින වෙන්න.ඒත් රජතුමාව වශී කරලා එයාට ඒ වැඩේ කරගන්න බැරි උනේ රජතුමගෙ ඔටුන්නෙ තිබ්බ නීල ශ්වේත පලිගුව හින්දා. ඒ පලිගුව හින්දා කිසිම වශිය්කට යටත් වෙන්නෙ නෑ. ඒ හින්දා එයා රජතුමාව කාමයෙන් මත් කලා.කිදිරු කිදුරියො කියන්නෙ ගොඩක් කාමුක පිරිසක්. ඉතින් රජතුමාත් එයාගේ පාලනෙන් මිදිලා නීරා එක්ක කාමයෙන් බැදුනා. නීරට ඕන උනේ ඔටුන්න ඒකෙ තමයි ඒ පලිගුව තියෙන්නෙ එ ඔටුන්න එයාගෙ අතේ කියන්නෙ එයාට විරුද්ද වෙන්න සාගරයේ කවුරුත්ම නෑ කියන එකයි. ඒත් එදා එයා රජතුමාව රවට්ට ගත්තට කිසි වැඩක් වුනේ නෑ. එයාලගෙ රැජිනියගෙ අනාගතය දැකීමෙ නුවන හින්දා. රැජිනිය ගොඩක් බලවත් වගේම එයා පිවිතුරු අත්මයක් ඉතින් එයා එදා වෙන්න ගිය විනාසෙන් මේ මහ සයුර බේර ගත්තා නීරාවත් අදුරු ගුහාවක හිර කලා. ඒත් නීරා අද ආයෙත් ඇවිත් ඒ ඔටුන්න ලබා ගන්නයි අලුතින් ඉපදිච්ච සාගරයේ උරුමක්කාරයා ව විනාශ කරන්නයි.

"ඒ කිසි දෙයක් අමතක නෑ නීරා, ඒ හැමදේම රැවටීමක්, තමුන් මහා මායාකාරියක්, තමුන් හිතන දේවල් අද නම් කොහෙත්ම වෙන්නෙ නෑ"

Sea Legacy | ✔️Where stories live. Discover now