♕23.Chapter

354 113 54
                                    

"වාව් මේ කොහෙද මේ..........මාරම ලස්සනයි"

ටේ පුදුම වෙලා වට පිට බලන්න ගත්තෙ කොහෙද ඉන්නෙ කියලා බලන්න එයාට හිතා ගන්න බැරි උනා මේ ලස්සන තැන මොකකද කියලා.
වටේ පිටේ කවුරුත් හිටියෙත් නෑ එයා මේ ඉන්නෙ සමුද්‍ර මාලිගාවෙ කියලා කියන්නත්.ඉතින් එයා කොහොම හිතන්නද.

ටේට ගානක් උනේ නෑ එයා මේ වගේ තැනකට ආවෙ කොහොමද කියන්නවත්.එයා මාලිගාවෙ තිබ්බ ලස්ස්නට වශී වෙලා වගේ මාලිගාවෙ ඇවිදින්න ගත්තා

---------------------------------
සමුද්‍ර මාලිගාව එදා එයාලගෙ අලුත් කුමාරයා ආව දවස වගේම කලබලයි.ඒත් ඒ කිසි කෙනෙක්ගෙ එදා එයාලහෙ මූනෙ තිබ්බ සතුට ,උද්‍යෝගය තිබ්බෙ නැ.........

"කුකී........මේ හැමදේම මං විසදන්නම් ඔයා මාත් එක්ක ඉන්නවා නේද?"

සමුද්‍ර මාලිගාවෙ ප්‍රදාන මන්ඩපයෙ පැත්තක හිටිය ජිමින්ගෙ ඇස් තිබ්බෙ නීරට එහා පැත්තෙන් ඉන්න ජන්කුක් ළඟ.ජිමින් ඒ හිතපුදේවල් ජන්කුක්ට ඇහුනා ඒත්.. ජන්කුක්ට කිසිම හැගීමක් නැතුව ජිමින් දිහා බලන් හිටියෙ නිකන් එයාට ජිමින්ව දැනෙන්නෙ නැති ගානට.

ඉතුරු වෙලා තිබ්බ හෝරා කිහිපයත් ගෙවිලා ගියේ මේ හැමදේකම අවසානෙ දකින්න ආසාවෙන් වගේ.ඒත් පලිගුවෙ ඉතුරු බාගෙ ගැන කිසි අදහසක් තිබ්බෙ නෑ කාටවත්ම. නීරට ඕන උනේ මේ ඉතුරු වෙලා තියෙන පලිගුවේන් හරි කමක් නෑ සාගරේ බලේ එයාගෙ අතට ගන්න.එයා හිතුවා බලෙ ලැබුනට පස්සෙ පලිගුව හොයා ගන්න ලේසි වෙයි කියලා.

හද හිමින් හිමින් මෝදු වෙලා මණ්ඩපය හද එලියෙන් නෑවෙද්දි. ඔටුන්න තියලා තිබ්බෙ කෙලින්ම හද මුදුන් වෙද්දි එලිය වැටෙන තැනට.
හද එලිය ඔටුන්නට වැටෙද්දි නීරා එයාගෙ ළඟ තිබ්බ පලිගුවෙන් ඔටුන්නෙ හිස්තැන පිරෙව්වා.

තමන් ගැනම ආඩම්බරයකින් නීරගෙ හිත පිරෙද්දි එයා ඔටුන්න දෑතින්ම අරගෙන ත්මන්ට පලදගත්තෙ නිකන් එයා ඇරෙන්න දැන් වෙන පාලකයෙක් නෑ කියන්න වගේ.

ඒත් විනාඩි කීපයක් ගත උනා......නීරට ඒ ඔටුන්නෙන් කිසිම බලයක් ලැබුනෙ නෑ. දැන් ඔටුන්න තියෙන්නෙ නීර ළඟ ඒත් ඒක සම්පූර්න නෑ පලිගුවෙ ඉතුරු බාගෙ නැතුව. ඇත්තටම ඒ බාගෙ කොහෙද.?

Sea Legacy | ✔️Where stories live. Discover now