Chapter 6. නපුරු අතීතය

502 114 32
                                    


යුන්ගි ගේ හදිසි වෙනස නිසා බියට පත්වූ තේ තමා සිටි තැනම බිම වාඩිවිය. ටික වෙලාවක් යන තුරු තේ ට කිසිවක් සිතාගත නොහැකි විය.

'ඇයි හ්යුන්ග් එහෙම කෑ ගැහුවෙ, මන් වැරැද්දක් කලෙ නැහැනෙ.. හ්ම්ම් සමහරවිට හ්යුන්ග් ට වෙන මොනාට හරි තරහ ගිහින් ඉන්න ඇත්තෙ...'

කිසිවක් සිතාගත නොහැකිව අසරණ වූ තේ අවසානයේ එලෙස නිගමනයට පැමිණ සිදුවූ සිද්ධිය අමතක කර දමා ඇදුමක් ඇගලා ගැනීමට අල්මාරිය දෙසට ගියේය.


"හ්යුන්ග් කොහෙ ගියාද දන් නෑ!!!"

සිදුවූ සිද්ධිය සම්පූර්ණයෙන් අමතක වූ පසු තේ හ්යොන්ග්ට සිහිවූයේ යුන්ගි නිවසින් බැහැර වූ බවය.

"හ්යුන්ග් ආයෙ එන් නැති වෙයි. මෙහෙ ඉන්න එයාට අමාරුයි නෙ කොහොමත්. හ්ම්ම් අපරාදෙ මන් වෙලාසනින් ගෙදර ආවෙ. මටත් පිස්සුනෙ.. "

වෙලාසනින් වැඩ නිම කර පැමිණීම පිලිබදව තමාටම දොස් නගා ගනිමින් ලබන සතියේ නිම කර දීමට ඇති පැවරුමක් කිරීමට පටන් ගත්තේය. නමුත් තම සම්පූර්ණ අවදානය ඒ සදහා යොමු කිරීමට තේහ්යොන්ග් අපොහොසත් විය. වරින් වර ඔහුගේ සිහියට නගුනේ යුන්ගි වය.

යුන්ගිව ඔහුගේ පියා විසින් නිවසින් පන්නා දැමීම තේ හ්යොන්ගේ හිතට වද දුන් කාරණාව විය. මීට පෙර තම මව ඔහුව නිවසින් පන්නා දැමූ දිනයේදී තමා මුහුණ දුන් සියලු අපහසුතා වලට යුන්ගිටද මුහුණ දීමට සිදු වේවි යන සිතුවිල්ල තේ හ්යොන්ග් ගේ සිතට වද දෙන්නට විය. තම පැවරුම පසෙකට දමා තේ හ්යොන්ග් ඇදට වැටුනේ සිතට දැනෙන නොසන්සුන් ගතිය නින්දෙන් වත් මග හරවා ගැනීමේ බලාපොරොත්තුවක් ඇතිවය.
.
.
.
.
.
.
.....................

සුපුරුදු පරිදි සමාජ ශාලාවට ඇතුලු වූ යුන්ගි තම සිතට දැනුන් වරදකාරී බවත් ඇතිවූ සියලුම හැගීම් සහ සිතුවිලිත් අමතක වන තුරු මත් විය. මත් කුඩු පවා භාවිතා කරීමට යුන්ගි හුරුව සිටියද දිනපතා භාවිතයක් සිදු නොවුනි. නමුත් ලැබුන විටෙක කිසිදු පැකිලීමක් නොමැතිව ඔහු සියලුම මත් ද්‍රව්‍ය භාවිතා කලේය. සෝහන් විසින් එදින ගෙනත්දුන් සියලුම ආකාරයේ මත් කුඩු යුන්ගි විසින් පරිභෝජනය කලේය. තමා අවට ඇත්තෙ කුමක්දැයි පවා හදුනා ගැනීමට නොහැකි තරම් යුන්ගිගෙ සිරුර මත් වී තිබුනි. ගැහැනුන් කිහිප දෙනෙකු සමග යහන්ගත වූ යුන්ගි ඔහුගේ සිරුරේ දැවටෙමින් සිටි පිරිමියෙකු සමගද කාමරයකට වැදුනේය.

HIS SAVIOURWhere stories live. Discover now