Chapter 12. ඔහු සමඟ

721 114 18
                                    


පලමු වරට අද යුන්ගි තවත් අයෙකුගෙ වගකීමක් තමා මතට පවරාගත්තේය. එයත් ඔහුගේ කැමැත්තෙන්ම. නිවසින් පිටවූ යුන්ගි කෙලින්ම පිටත් වූයේ නිවාස වෙළදාම් කරන ස්ථානයකටය. එහි සිටි පුද්ගලයා සමග යුන්ගි කතා කරන්නට වූයෙ මින් පෙර ඔහුගෙන් දකින්නට නොලැබුනු පැතිකඩක් නිරාවරණය කරමිනි. කටහඩේ පවා වගකීම් සහගත බවක් විය. නිවාස කීපයක් ම පිරික්සූ පසු ඔහු එතැනින් පිටත් වූයෙ තනිව කිසිදු අදහසක් ගැනීමට ඔහුට අවශ්‍ය නොවූ නිසාවෙනි. යුන්ගි ගේ අරමුන වූයෙ තේ හ්‍යොන්ග් සමග ජීවත් වීමට නිවසක් මිලදී ගැනීමයි. දැන් ඔවුන් සිටින කුඩා නිවසට ඔහු ප්‍රිය කලද එහි දෙදෙනාටම ඉඩ ප්‍රමාණවත් නොවන බව සත්‍යයකි. එහෙත් තේ හ්‍යොන්ග් ගෙන් විමසීමට පෙර තීරණයක් ගැනීමට යුන්ගි අවශ්‍ය වූයෙ නැත.

එයින් පිටත් වූ ඔහු ගියේ නගරයේ තිබූ ජනප්‍රිය සාප්පු සංකීර්ණ වලින් එකකටය. කිසිදා තමාට අවශ්‍ය යමක් ගැනීමටවත් යුන්ගි සාප්පු ගොසින් නැත. පියා සමග සිටියදී නිවසේ වැඩ කරන්නන් ඒ සියල්ල පිලිබද බැලීය. සාප්පු සංකීර්ණය ඉදිරිපස සිටි ඒ විශාල ගොඩනැගිල්ල දෙස බැලූ යුන්ගි ට සුසුමක් පිටවූයේ ඉබේමය. නමුත් කෙසේ හෝ ධෛර්යය ගෙන යුන්ගි සාප්පු සංකීර්ණයට ඇතුලු වූයේ තමා නිවසේදී සිතට නගාගත් සියලුම දෑ මිලට ගැනීමට අධිෂ්ඨාන කරගනිමිනි.

යුන්ගි මුලින්ම ගියේ පිරිමි ඇදුම් සාප්පුවකටය. කිසිදා තනිව ඇදුම් තෝරා නොමැති යුන්ගි ට තමා පිලිබදම දුකක් ඇති වූයේ තමාට තනිව කිසිවක් කරගැනීමට නොහැකි යැයි හැගුනු නිසාය. යුන්ගි විසින් එකම ඇදුම් කීපය දෙස මාරුවෙන් මාරුවට බලමින් කුමක් මිලට ගන්න දැයි සිතාගත නොහැකිව හිස් බැල්මක් හෙලාගෙන සිටිනු දුටු සාප්පුවේ සිටි සහායිකාවක් යුන්ගි වෙත පැමිනියාය. ඇගේ සහය නොවන්නට යුන්ගි ට එදින යලිත් නිවසට යාමට වන්නෙ නැත. සහායිකාවගේ සහය ඇතිව යුන්ගි තනිව ඇදුම් තේරීමට හුරු වූයේය. ඉන්පසු ඔහුගේ සිත යන සෑම ඇදුමක් ම මිලට ගන්නට වූයෙ තමාට අහිමි වූ තරුන කාලය නැවතත් තමා වෙතට ලං කරගනිමිනි. මනාව හැද පැළද කඩවසම්ව සිටීම ඕනෑම තරුණයෙකුගෙ ආශාවකි.

HIS SAVIOURWhere stories live. Discover now