Chapter 15. ජීවත්වීම

69 6 1
                                    

නාදුනන්නන්ගේ සිට අඩසොයුරන් වූත්, අඩ සොයුරන්ගේ සිට ප්‍රේමවන්තයන් වූත් තරුණයින් දෙපළ ඔවුනුන්ගේ ජීවිත වල ඇදුරු පැතිකඩ සම්පූර්ණයෙන් අතැර දමා ආලෝකය තුල ජීවත් වන්නට තොරාගත්හ.

නුමුදු දෛවය සැමවිටම ඔබ පතනා දෙය ඔබට ලබා නොමදෙයි. ජීවිතයේ පහළම අඩියේ සිටි ඔවුන් බිදක් හෝ හිස ඔසවන්නට වෑයම් දරද්දීම ඔවුනට දැනගන්නට ලැබුනු පුවත නම් එතරම් සුබවාදී වූවක් නොවේ.

ඒ ඔවුනට මෙලොව ඉතිරිව ඇති නෑකම් වල මරණයයි.
.
.
.
.
.
.
.............

සංවාදය නිම කර දුරකතනය පසෙක තැබූ යුංගි තේහ්‍යුන්ග් දෙස බැලුයේ පණිවිඩය ඔහුට පවසන්නට වචන සොයමින් ය.

" අපි හොස්පිට්ල් යන්න ඕනෙ " යුන්ගි ගේ මුවින් පිටවූයේ එපමණි.

ඒ වන විටත් යුන්ගි ගේ මුහුනේ භාව ප්‍රකාශනයන් කියවා සිටි තේ හ්‍යුන්ග් කුමක් නමුත් බැරෑරුම් දෙයක් සිදුව ඇතිබව වටහා ගෙන සිටියේය. එහෙයින් තවදුරටත් ප්‍රශ්න නො අසා ඔහු සුදානම් වූයේය. දෙදෙනාම් සූදානම් වූ පසු බස් රථයකට ගොඩවූයේ ඉක්මන් උදෑසන ආහාරයකින් පසුව ය.

රෝහල තුලදී තේහ්‍යුන්ග් යුන්ගී ගේ අත අත්නොහැරම අල්ලා ගත්තේ ඔවුහු අසන්නට ලැබෙන දරුණුම ආරංචියට පවා සූදානම් වෙමින් ය.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනාගේම සිත් වල තම තමන්ගෙ ඉතිරිව සිටිනා දෙමාපියන් නැතිවීම පිලිබදම දුකක් තිබූ යේ නැත. නමුත් එම ආරංචිය ලැබීමට ඔවුන් දෙදෙනාම සූදානම් ව සිටියේ ද නැත.

හිටිහැටියේ ඔවුන් ලද මෙම පුවත ඔවුන්ගේ සිත් තුල කුඩා හෝ කම්පනයක් ඇති කිරීමට සමත් විය. කෙතරම් වෛර කල ද අවසානයේ ඔවුහු ඔවුන්ගේ දෙමාපියන් ය. අදින් පසු ඔවුන ට තවදුරටත් මෙලොව තුල ලේ බැදීම් ඇත්තෙක් නොසිටින්නෝය.

දෙදෙනාම නිහඩව තම දෙමාපියන්ගේ නිසල සිරුරු දෙස බලා සිටියේ ය. කදුලක් හෝ නොසැලුනත්, එම විනාඩි කහිපය තුල ඔවුන්ට වෛර කරන්නට පුත්‍රයන් දෙදෙනාට නොහැකි විය.

විනාඩි කිහිපයක් ගතව ගියේ සෙමෙනි. හෙදියක් විසින් කල්පනාවේ ගිලී සිටි තරුණයින් දෙදෙනාගෙ දැහැන බිද දැමුවාය.

HIS SAVIOURWhere stories live. Discover now