Chapter 10. හාදුව

719 118 43
                                    


" සමාවෙන්න ටේ. "

යුන්ගිගෙ සිතට තවදුරටත් ඔහුගේ හිස කෙලින් තබා ගැනීමට තරම් ආත්ම විශ්වාසයක් දැනුනේ නැත. එනිසාවෙන් යුන්ගි ඔහුගේ නළල සෙමින් තේ හ්‍යොන්ග් ගේ උරහිස මතට පහත් කරන්නට විය.

යුන්ගි තමා ගෙන් සමාව අයැදිමට වචන සොයන බව තේරුන් ගත් තේ හ්‍යොන්ග් තම ඉන වටා තිබූ යුන්ගිගේ දෑත් වල ග්‍රහණය ලිහිල් කරමින් යුන්ගි දෙසට හැරුනි.

"යුන්ගි, ඔයාට සමාව ඕනි නම් මුලින්ම මාත් එක්ක ඔයාගෙ ප්‍රශ්න ඔක්කොම කියන්න ඕනෙ දැන්ම. "

තේ හ්‍යොන්ගේ දෑස් දෙස එක එල්ලේ බැලූ යුන්ගි තේ හ්‍යොන්ග් ට අවනත වෙමින් හිස වැනුවේය.
" හ්ම්ම්.."

අසල තිබූ ඇද මත යුන්ගි ව වාඩි කරවූ තේ හ්‍යොන්ග් ද ඔහුගේ පසෙකින් වාඩි වී යුන්ගි දෙස බලා සිටියේ යුන්ගි තම කතාව ආරම්භ කරන තුරුය. එහෙත් ‍යුන්ගි කතා කිරීමට පැකිලෙමින් සිටින බව දුටු තේ හ්‍යොන්ග් යලිත් කතාවට මුලපිරීය.

"හ්‍යු-"

"ටේ මට සමාවෙන්න මම උදේ ඔයාට සලකපු විදිහට. "

මුව තුල අපහසුවෙන් සිරකරගෙන සිටි යමක් ඉක්මනින් ඉවතට දමන්නාක් මෙන් යුන්ගි වේගයෙන් එම වාක්‍ය නිම කලේය. යුන්ගි කතා කල වේගෙයට පුදුම වූ තේ හ්‍යොන්ග්ට මද වෙලාවක් යන තුරු තම මුව වසා ගැනීමට වත් මතක් වූයෙ නැත. තදින් වසා ගත් යුන්ගි ගෙ දෑස් බිමට යොමුව තිබුනි.

"ම්ම් මේ අහන්නකො හ්‍යුන්ග්. ඒකට කමක් නෑ. මම හ්‍යුන්ගෙ ඔම්මව මතක් කරපු නිසා නේ ඒ"

" ම්ම් "

යුන්ගි සමාව අයදින මුහුණින් යුතුව තේහ්‍යොන්ග් දෙස බැලුවේය. තේ හ්‍යොන්ග් යුන්ගි දෙස බලා මද සිනාවක් පෑවෙය. තේ හ්‍යොන්ග් ගේ සිනහව යුන්ගි ගෙ සිතට සහනයක් ගෙන ආවෙ එම සිනහව තම සිතේ ඇති සියලු කරදර අමතක කරන්න යැයි තමන්ට පවසනවාක් මෙන් දැනුන නිසායි. යුන්ගෙ ගේ තොල් මත යුන්ගි නොදැනුවත්වම ඇදෙන සිහින් සිනහව තේහ්‍යොන්ග් ටද ගෙනාවෙ සැනසුමකි. යුන්ගි ගේ දෑස් දෙස මද වෙලාවක් බලා සිටි තේහ්‍යොන්ග් ට කාලය ගත වන බවක් දැනුනේ නැත. ඔහු රහසින් ආදරය කරන පුද්ගලයා තමා ඉදිරියේ තමා සමග සිනහ වනු දැකීම තේහ්‍යොන්ග් ගේ සිත වෙනතකට ගෙන ගියේය. තේ හ්‍යොන්ග් තම පියවි සිහිය ලබා ගත්තෙ යුන්ගි ගෙ හඩෙනි.

HIS SAVIOURWhere stories live. Discover now