Chapter 7. නිහඩව බලාසිටීම

484 105 19
                                    


'ආ මෙයා මොකද මේ බිම?

එතකොට ඊයෙත් මෙයා බිමද නිදාගන්න ඇත්තෙ? මන් නිසා ද ඒ??

මෙයාට පිස්සුද? වෙන කාටවත් ඇද දීල තමන් බිම නිදාගන්නවද එහෙම!'

"ආහ් හ්යු- නෑ.. ම්ම්ම් නැගිට්ටද?"

තේ හ්යොන්ග් බිම නිදා සිටිනු දුටු යුන්ගිගෙ සිතට පැමිණි සිතුවිලි වලට බාදා කරමින් තේ අවදි විය.

"ඔව් දැන්"

ඇද පාමුල සිටි තමා දෙස අහින්සක බැල්මකින් යුතුව බලා සිටින තරුණයාගෙ පැනයට යුන්ගිගෙන් පිළිතුරක් ලැබුනෙ නිරායාසයෙනි.

පුදුමයෙන් යුතුව තමා දෙස බලා සිටින යුන්ගි දුටු තේ හ්යොන්ගෙ මුහුන රතු වන්නට විය. හැකි ඉක්මණින් නැගිට බිම එලා තිබූ අතුරනය හා කොට්ටය ලෙස භාවිත කල කිහිප වරක් නැමූ ඇතිරිල්ලද ඉවත් කල තේ හ්යොන්ග් කුස්සියට වැදුනෙ උදෑසන ආහරය පිලියෙල කිරීමටය.

තේ කලබලයෙන් යුතුව ඔහු නිදාසිටි ස්ථානය අස් කරන ආකාරය දෙස යුන්ගි වචනයකදු නොකියා විසල් දෑසින් යුතුව බලා සිටියේය.


...........................

'අපොයි නින්ද ගියානෙ. අයියෝ දැන් හ්‍යුන්ග් දැනගන්නත් ඇති මං ඊයෙත් බිම නිදාගත්තා කියල. හ්‍යුන්ග් ට මොනව හිතෙයිද දන් නැ. අනේ මටත් පිස්සුනෙ. වේලාසනින් නැගිටින්න තිබ්බා මට.'

යුන්ගිට වඩා ප්‍රමාද වී අවදිවීම පිලිබදව තමාටම දොස් පවරා ගනිමින් තේ හ්‍යොන්ග් කුස්සියට පැමිනියේය. තේ හ්‍යොන්ග් ට වඩා මදක් පමාවී කුස්සියට පැමිනි යුන්ගි කඩිසරව වැඩ කරන තේ හ්‍යොන්ග් දෙස මද වෙලාවක් බලා හිද ආරාධනාවක් නොමැතිවම නාන කාමරයට වැදුනේ රාත්‍රින් දෙකක් මෙම නිවසේ ගත කිරීමෙන් ඔහුට මෙම ස්ථානය නිවස මෙන් හුරුව හැගුන බැවිනි.

තේ හ්‍යොන්ග්ට ද යුන්ගි ඔහුට අවශ්‍ය අකාරයට නිවස තුල හැසීරිම ගැටලුවක් වූයෙ නැත. ඔහුටද එය සාමාන්‍ය ලෙස දැනුනි. නමුත් යුන්ගි ඔහු සමග තවමත් හරි හැටි කතා නොකිරීම තේ ට විශාල ගැටලුවක් විය.

උදෑසන ආහාරයද මග හරිමින් යුන්ගි නිවසින් පිටත් වූයෙ තේ ගෙ අවසරයක් නොමැතිවම තේ ගේම ඇදුමක් ද ඇග ලා ගනිමිනි.
....................................


HIS SAVIOURWhere stories live. Discover now