Chapter 9. පසුතැවීමක්

715 115 64
                                    

"එපා ආයෙත් මේ හීනෙම එපා...."

යුන්ගිට නින්දෙන් අවදිවන්නට උවමනා වුවද ඔහුට එය කිරීමට නොහැකිය. ඔහුට සිහිනෙන් පෙනෙන රූප රාමු වසර ගණනකට පසු යුන්ගි ව යළිත් හඩවන්නට සමත් විය.

යුන්ගි අමතක කිරීමට උත්සහා කරන දෙයම ඔහුට යලි යලිත් සිහිනෙන් පෙනීම යුන්ගි ගෙ සිත දුර්වල කරයි. සියලු හැගීම් අමතක කරමින් යුන්ගි ගෙවූ ජීවිතය ටිකෙන් ටික යලිත් හැගීම් වලට ඉඩදෙන බව ඔහුට ටිකෙන් ටික වැටහිනි.

තම පියා සමග ජීවත් වූවාට වඩා දැන් ඔහු ගෙවන ජීවිතය සැබවින්ම වෙනස් ය. පසුගිය මාසය තුළ යුන්ගි ගෙ ජීවන රටාවේ වෙනස් වීම් තමාට ගැටලුවක් නොවූ ආකාරය යුන්ගි ටද තවමත් පැනයකි.

පියා සමග ජීවත් වන විට ඔහු පිලිබද කිසිවක් සොයා බැලීමට කිසිවෙකු පැමිනියේ නැත. කිසිවක් කතා කිරිමට අයෙකු සිටියේද නැත. එම නිවසේ එකදු වචනයක් හෝ කතා නොකර යුන්ගි ගෙවූ දවස් අනන්තවත් තිබුනි.

නමුත් තේ හ්‍යොන්ග් සමග ජිවත් වීම ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් ය. තේ හ්‍යොන්ග් පමන ඉක්මවා කතා නොකලද සෑම දිනකම යුන්ගි පිලිබදව සොයා බලන්නට විය. සෑමදාම කුමක් හෝ පැනයක් ඔහු සතුව ඇත. තේ හ්‍යොන්ග් කිසිවක් නොපවසා තමාට අවශ්‍ය සියලු දේ ලබාදෙයි. තමාගෙ ක්‍රියා වලට මැසිවිලි නොපවසමින් ඔහු සමග ජීවත් වීමටද ඉඩ දෙයි. යුන්ගි තවමත් භාවිතා කරන්නෙ තේ හ්‍යොන්ග් සතුව තිබූ ඇදමය. ඔහුගේ ඇදුම් මය. දෙදෙනෙකුට ජීවත් වීමට ප්‍රමාණවත් නොවූ කුඩා නිවස ඔහු කිසිවක් නොපවසා යුන්ගි සමග බෙදා ගනී. කිසිවක් සදහා මුදල් ඉල්ලන්නේද නැත.

ඒ කිසිවකට තේ හ්‍යොන්ග් ඔහුට දොස් නගන්නේ ද නැත.

යුන්ගි ගෙ සිතේ තේහ්‍යොන්ග් පිලිබදව ඇත්තේ පැහැදීමකි. තේ හ්‍යොන්ග් ගෙන් ඔහු ලබන කරුණාව යුන්ගි විසින් අමතක කිරීමට උත්සහා කරන සියලු හැගීම් වලට යලිත් සිත විවර කරන්නට විය.

කිසිදු හැගීමකට සිත විවර නොකල යුන්ගි දැන් සිහිනෙන් බිය වෙයි. ඔහු දකින සිහිනය ඔහුට වේදනාවක් ගෙනදෙයි.
යුන්ගි ගෙ කෙදිරිය සමග මුසුවූ ඉකි ගැසීම තේ හ්‍යොන්ග් ව නින්දෙන් අවදි කරන්නට සමත් විය.

HIS SAVIOURWhere stories live. Discover now