Chapter 8. ඉවසුවා ඇති

641 107 80
                                    


"හ්යුන්ග්! කොහෙද ඔය යන්නෙ ?"

තේ හ්යොන්ග් ඇසුවෙ තරමක දැඩි ස්වරයකිනි. පසුගිය මාසය පුරාම තේ හ්යොන්ග් යුන්ගිට හ්යුන්ග් යැයි ඇමතීම නැවතීමට උතසහ කලද එය අසාර්තක උත්සහයක් වූ බැවින් තේ හ්යොන්ග් එම උත්සහය අත්හැර දැමුවේය. පෙර නොවු ලෙස තේ හ්යොන්ග් ගෙ කටහඩ උස් ව ඇති බව තේ රුන් ගත් යුන්ගි උන් තැන්ම ගල් ගැසී තේහ්‍යොන්ග් දෙස බැලුවේ විමතියෙනි.

"මොකද ඔහොම බලන්නෙ, මන් ඇහුවෙ කොහෙද යන්නෙ කියල"


'මේ මනුස්සයට මොන යකෙක් ගහලද මේ කවදාවත් නැතුව. වෙනදත් ගියෙ මෙයාට කියලද මන්... විකාරද මන්ද'

තේ හ්යොන්ග්ව නොසලකා දැමූ යුන්ගි ඔහුගෙ ගමන පිටත් විය. යුන්ගි තමාව නොසලකා දමා යන දෙස ටික වෙලාවක් බලා සිටි තෙ හ්යොන්ග් විශ්ව විද්යාලයට යාමට පිටත් උනෙ අදින් ආරම්භ වන්නෙ ඔහුගෙ අවසන් විශ්ව විද්‍යාල සතිය බැවිනි.


'බලමුකො යුන්ගි ඔයා තව දවස් කීයක් මාව මග අරීද කියල'

යුන්ගිගෙ හිතුවක්කාරකම ගැන ඇති කෝපය නිසාම තමා යුන්ගි ට හ්යුන්ග් ලෙස ඇමතුවෙ වත් නැති බව ද තේ ට වැටහුනෙ නැත.

ඔහුගේ අවසන් විභාගයට සාර්තකව මුහුන දුන් තෙ හ්යොන්ග් කෙලින්ම දිව්වෙ ඔහුගෙ රැකියාවටය. සවස තුනට පමන එහි හිය තේ යලිත් සවස හයට පමණ එතනින් පිටත් වූයෙ ඔහුගෙ සැලැස්ම ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීමටය. කෙලෙස හෝ යුන්ගි කල්මරන ස්තානයට ගොස් යුන්ගි ගේ හැසීරීම් අධ්‍යනය කර යුන්ගිගේ හැසීරීම් වලට හේතුවක් සොයා ගැනීම ඔහුගේ අධිෂ්ඨානය විය. එදින සෝහන්ද හමු නොවුන බැවින් තේ හ්යොන්ග් ගෙ ආත්ම විශ්වාසය ද යහපත් මට්ටමක පැවතියේය.

තම රැකියා ස්තානයෙන් පිටත් වූ තේහ්යොන්ග් කෙලින්ම පැමිනියෙ යුන්ගි සෑම දිනකම කාලය ගත කරන ගැලැක්සි සමාජ ශාලාවටය. ඒ ඔහු යුන්ගි හමුවූ පලමු දින යුන්ගි සිටි සමාජ ශාලාවම විය.

තම ආරක්ෂාව පිලිබදවත් නොසලකා තේ හ්යොන්ග් සමාජ ශාලාව තුළට ගියේ පලපුරුදු කාරයෙකු ලෙසය. නයිට් ක්ලබ් සදහාම ගැලපෙන වේශ නිරූපනය සහ ඇදුම් කට්ටලයක් ඔහු පැලද සිටියේය. මනාව වැඩී ඇති සිරුර හේතුවෙන් එදින ඔහු සරාගිව දිස්විය.

HIS SAVIOURWhere stories live. Discover now